හිටපු කොදෙව් නායකයාට එංගලන්තයෙන් පුහුණුකරු තනතුරක්

හිටපු බටහිර ඉන්දීය කොදෙව් නායක කිරන් පොලාඩ් එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ දී එංගලන්තය කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතය. වත්මන් ලෝක ශූර එංගලන්ත කණ්ඩායම කැරිබියානු තත්වයන් පිළිබඳ දේශීය දැනුම අපේක්ෂාවෙන් පොලාඩ් එංගලන්ත පුහුණු කාර්‍ය මණ්ඩලයට එක් කොට ගෙන ඇත.

ලබන ජුනි මාසයේදී කැරිබියන් දූපත් සහ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන පිරිමි විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහය පුහුණුකරු ලෙස හිටපු බටහිර ඉන්දීය කොදෙව් නායක කිරන් පොලාඩ් පත් කිරීමට එංගලන්තය කටයුතු කර තිබේ.

පොලාර්ඩ් 2012 වසරේ ශ්‍රී ලංකාවේ පැවති විස්සයි20 ලෝක කුසලානය ජයග්‍රහණය කළ බටහිර ඉන්දීය කොදෙව් පිලේ ප්‍රභල සාමාජිකයෙක් වූ අතර ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් සියලුම විස්සයි විස්ස ක්‍රිකට් තරග 637කට ක්‍රීඩා කොට ඇත.

2022 දී ඕස්ට්‍රේලියාවේදී පුහුණුකරු මැතිව් මෝට් සහ නායක ජොස් බට්ලර් යටතේ තමන් දිනාගත් ශූරතාව ආරක්ෂා කර ගැනීමට අපේක්ෂා කරන අතර 36 හැවිරිදි පොලාඩ් එංගලන්තය කණ්ඩායමට දේශීය දැනුම ලබා දෙනු ඇතැයි එංගලන්තය බලාපොරොත්තු වෙයි. 2010 වසරේ කැරිබියන් දූපත් හි පැවති විස්සයි20 ලෝක කුසලානය අවසන් මහා තරගයේදී ඔස්ට්‍රේලියාව පරාජය කරමින් එංගලන්තය ප්‍රථම වරට ශූරතාව දිනා ගත්තේය.

Back To Top