ඉන්දීය කාන්තා කණ්ඩායමට ඓතිහාසික ටෙස්ට් ජයක්

ස්නේහ් රානා සහ රාජේෂ්වරි ගයක්වාඩ් ඕස්ට්‍රේලියාවට එරෙහිව විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී ඉන්දියාව ඓතිහාසික ජයග්‍රහණයක් උරුම කර දෙන්නට සමත් විය. එය ඔස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දීය කාන්තා කණ්ඩායම ලැබූ පළමු ටෙස්ට් ජයග්‍රහණය විය.

ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයට අදාළව පැවති එකම ටෙස්ට් ක්‍රිකට් වූ මෙම තරගයේ කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළහ. ඒ අනුව ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් පළමු ඉනීමට සියලු දෙනා දැවී ලකුණු 219ක් රැස්කිරීමට සමත් විය. එහිදී ටාලියා මැග්‍රාත් ලකුණු 50ක් රැස්කළ අතර පූජා වස්ට්‍රාකර් කඩුලු 4ක්ද ස්නේහ් රානා කඩුලු 3ක් ද දවාගැනීමට සමත් විය.

ඉන්දීය කාන්තා කණ්ඩායම සිය පළමු ඉනීමට ලකුණු 406ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළහ. එහිදී දීප්ති ෂර්මා ලකුණු 78, ස්ම්‍රිටි මන්දනා ලකුණු 74ක් හා ජෙමීමා රොඩ්රිග්ස් ලකුණු 73ක් රැස්කිරීමට සමත් විය. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඈෂ්ලි ගාඩ්නර් ලකුණු 100ට කඩුලු 4ක් දවාගත්තාය.

දෙවන ඉනීමටද ඕස්ට්‍රේලියානු කණ්ඩායම රැස්කිරීමට සමත් වූයේ ලකුණු 261ක් පමණයි. එහිදී ද තාලියා මැග්‍රාත් ලකුණු 73ක් රැස්කළ අතර පන්දු යැවීමේදී ස්නේහ් රානා කඩුලු 4ක් බිදහෙලීය. ලකුණු 75ක ඉලක්කය හඹා ගිය ඉන්දීය ක්‍රීඩිකාවන් කඩුලු 2 පමණක් දැවී තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය.

India 406 ( Deepti 78, Mandhana 74, Rodrigues 73, Ghosh 52, Gardner 4-100) and 75 for 2 (Mandhana 38*, Gardner 1-18) beat Australia 219 (McGrath 50, Vastrakar 4-53, Rana 3-56) and 261 (McGrath 73, Rana 4-63, Kaur 2-23) by 8 wickets

Back To Top