ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ විස්සයි විස්ස තරගාවලිය හෙට (අප්‍රේල් 28) ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගාවලියට විස්සයි විස්ස තරග තුනක් ඇතුළත් වන අතර සියලූම තරග Sylhetහීදි පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම් මීට පෙර විස්සයි විස්ස තරග 10කදී එකිනෙකා මුණගැසී ඇති අතර ඉන් තරග 10ක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගනිද්දි බංග්ලාදේශය ජයගෙන ඇත්තේ තරග තුනක් පමණයි.
විස්සයි විස්ස තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය – චමරි අතපත්තු (නායිකා),හර්ෂිතා සමරවික්‍රම,හසිනි පෙරේරා,ඉමේෂා දුලානි,හංසිමා කරුණාරත්න,කවීෂා දිල්හාරි,නිලක්ෂි ද සිල්වා,කෞෂිනි නුත්‍යංගනා,දෙව්මි විහංගා,රශ්මිකා සෙව්වන්දි,ඉනෝකා රණවීර,සුගන්ධිකා කුමාරි,නිමාෂා මීපගේ,මල්කි මදාර,මිතලි අයෝධ්‍යා
තරග කාලසටහන –
පළමු විස්සයි විස්ස තරගය – අප්‍රේල් 28 ප.ව 1ට
දෙවෙනි විස්සයි විස්ස තරගය – අප්‍රේල් 30 ප.ව 1ට
තුන්වෙනි විස්සයි විස්ස තරගය – මැයි 2 ප.ව 1ට.


