2026 IPL තරගාවලියේ 54වෙනි තරගය ඊයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර රායිපූර්හීදී පැවැත්වුණා.අවසන් පන්දුවාරයේ අවසන් පන්දුව තෙක් පැමිණි තරගය ජය ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා,ඒ කඩුලු 2කින්.ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට මෙවර IPL තරගාවලියේ Play-offs වටයට තිබූ අවස්ථාව නිල වශයෙන් අවසන් උනා.
තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7කට රැස් කරේ ලකුණු 166ක් පමණයි.නාමන් ධීර් රැස් කළ ලකුණු 47 සහ තිලක් වර්මාගේ ලකුණු 57 හැර වෙනත් කිසිදු මුම්බායි පිතිකරුවෙක්ට සාර්ථක වීමට බැංගලෝර් පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.
ලකුණු 167ක ඉලක්කයක් හඹා ගිය බැංගලෝර් කණ්ඩායමටත් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට අවස්ථාව නොලැබුණු අතර ඔවුන්ගේ කඩුලු 3ක් ලකුණු 39ක් තුළ අහිමි වී තිබුණා.බැංගලෝර් පිළ ජයග්රහණය පේන මානයට ගෙන යෑමට කෘනාල් පාණ්ඩ්යා සමත් වූ අතර පාදයේ ආබාධ තත්වයක් සහිත්වයි ඔහු ක්රීඩා කරේ.අවසන් පන්දුවාරයේ ලබාගැනීමට තිබූ ලකුණු 14 ලබා ගනිමින් පිට පිට තරග දෙකක් පරාද වී සිටි බැංගලෝර් කණ්ඩායම නැවත ජයග්රාහී මාවතට පිවිසීමට සමත් වුණා.එමෙන්ම් ඔවුන් ප්රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමටද සමත් වුණා.
තරගයේ ලකුණු සටහන
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7කට ලකුණු 166යි.
තිලක් වර්මා 57,නාමන් ධීර් 47,රෝහිත් ශර්මා 22
බුවනේෂ්වර් කුමාර් 23/4,රොමාරියෝ ශෙපර්ඩ් 18/1,ජොෂ් හෙසල්වුඩ් 33/,රාසික් සලාම් 42/1
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8කට ලකුණු 167යි.
කෘනාල් පාණ්ඩ්යා 73,ජේකබ් බෙතල් 27
කෝර්බින් බොස්ච් 26/4,දීපක් චහර් 33/2,අල්ලාහ් ඝසන්ෆර් 33/1,රාජ් බාවා 39/1

