තරුෂිට රන් පදක්කමක්!

026 ආසියානු යොවුන් මලල ක්‍රීඩා උළෙල අද හොංකොංහීදී ආරම්භ වුණා. තරගාවලියේ පළමු දිනය වූ අද දිනයේම ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් දිනා දීමට කාන්තා මීටර් 1500 නියෝජනය කළ තරුෂි අභිෂේකා සමත් වුණා.ඒ එම ඉසව්ව විනාඩි 4යි තත්පර 31.41කින් අවසන් කරමින්.දෙවෙනි සහ තුන්වෙනි ස්ථාන ඉරාන සහ කොරියානු ක්‍රීඩිකාවන් දිනා ගත්තා.

අද දිනයේදී තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6දෙනෙකු තරග බිමට පිවිසි අතර එහිදී ඔමෙල් සිල්වා සහ සදෙව් රාජකරුණා මීටර් 400 අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූවේ අවසන් පූර්ව වටයේදී දෙවෙනි සහ තුන්වෙනි ස්ථාන දිනාගනිමින්. සදෙව් නිමේෂ්ද මීටර් 400 කඩුලු ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ අවසන් පූර්ව වටයේදී දෙවෙනි ස්ථානය දිනා ගනිමින්.

කාන්තා මීටර් 400 ඉසව්වේ මූලික වටයේදී එහි 6වෙනියා ලෙස තරගය නිමා කළ රොනාලි පීරිස් සමත් වූ අතර පිරිමි මීටර් 3000 ඉසව්වේදී විදූෂන් රාජේන්ද්‍රන්ට හිමි වූවේ 6වෙනි ස්ථානයයි.මීට අමතරව මීටර් 400 කඩුලු ඉසව්වට සහභාගී වූ සවිදු උයන්වත්ත මූලික වටයේ තරගය තුන්වැන්නා ලෙස අවසන් කිරීමට සමත් වුණා.

හෙට තරගාවලියේ දෙවෙනි දිනයයි.

Back To Top