ශම්මි සිල්වා ඉල්ලා අස්වෙයි?

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ලෙස කටයුතු කරන ශම්මි සිල්වා මේ සතියේ බදාදා දින වන විට ඉල්ලා අස්වීමට නියමිත බව ඇතැම් විද්‍යුත් සහ ලිඛිත මාධ්‍ය වාර්තා කරනවා. රජයේ පාර්ශවය විසින් කරන ලද ඉල්ලීමකට අනුව වසර හතක ධූර කාලය අවසන් කරමින් ඔහු ඉල්ලා අස්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අන්තර්කාලීන සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පත් කිරීමට වැඩි ඉඩකඩක් ඇති බවද වාර්තා වේ. 2019 වසරේදි සභාපති ධූරයට පත් වූ ශම්මි සිල්වා නොකඩවා එම තනතුරේ කටයුතු කරමින් මැතිවරණ කිහිපයක්ද ජයග්‍රහණය කරා. කෙසේවෙතත් මීට පෙරද ඔහුට ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා ඉල්ලීමක් කළ බවට වූ වාර්තා රජයේ පාර්ශවය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කර තිබුණා.

Back To Top