ඓතිහාසික හඹායෑමට නායක දිමුත්- තිරිමාන්න මුල පුරති!

[vc_row][vc_column width=”2/3″][vc_column_text]නවසීලන්ත- ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගාවලිතේ තෙවනි දිනය අයහපත් අලෝක තත්වය යටතේ නවත්වනවිට ලකුණු 268කවාර්තාගත ඉල්ලක්කයත් හඹා යන ශ්‍රී ලංකා පිල කිසි කඩුල්ලක් නොදැවී ලකුණු 133ක් ලබාගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ශකයන්ටජයග්‍රහණයක බලාපොරොත්තු දල්වමිනි.

දිනය අවසානයේ නායක දිමුත් කරුණාරත්න සිය නායකත්වයේ වගකීම අකුරටම ඉටු කරමින් නොදැවී ලකුණු 71ක් ලබා සිටි අතටඅනෙක් අන්තයේ සිට ඔහුට කදිම සහයක් ලබා දුනු ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 55ක් ලබාගෙන කඩුල්ලේ නොදැවී සිටියේය.

අද දිනයේ නවසීලන්ත ඉනිම ආරම්භ කලේ තුන්වන දිනය වන විට සාර්ථක සබඳතාවයකට මුල පිරූ බී. ජේ වොට්ලින් සහ විලියම්සමර්විල් ය. දිනයේ ප්‍රථම කඩුල්ල ලෙස අගනා අර්ධ ශතකයක් ලබා සිටි වොට්ලින්ව දවාගැනීමට දිනයේ සිය මුල්ම පන්දුවාරය දියත්කල ලහිරු කුමාර සමත් විය. දැවී යන විට වොට්ලින් ලකුණු  77ක් රැස් කරගෙන සිටියේය.

පසුපෙල කඩුලු ලබාගැනීම බලාපොරොත්තු වූවාට වඩා අසීරු කටයුත්තක් බවට පත් කරමින් විලියම් සමර්විල් සහ ට්‍රෙන්ට් බෝල්ට්9 වන කඩුල්ලට ලකුණු 36ක් එක් කලේ පන්දු යවන්නන් පීඩනයට පත් කරමිනි.

ලහිරු කුමරාගේ පන්දුවක් හමුවේ තර්ඩ් මෑන් කලාපයට උඩ පන්දුවක් ලබා දුන් ට්‍රෙන්ට් බෝල්ට් දැවී යද්දී නවසීලන්ත අවසානකඩුල්ල ලෙස අජාස් පටෙල් දැදී ගියේ ධනංජය ද සිල්වා හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙනි.

නවසීලන්තය සිය දෙවනි ඉනිමට ලකුණු 285ක් රැස් කලේ ශ්‍රී ලංකාවට ලකුණු 268ක ඉලක්කයක් ලබා දෙමින්ය.

පසුපෙල පිතිකරුවක් ලෙස පන්දු යවන්නන්ට මහත් හිසරදයක් වූ විලියම් සමර්විල් නොදැවී ලකුණු 40ක් රැස් කලේය.

කඩුලු ලබා ගැනීමේදි ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 4ක්ද ධනංජය ද සිල්වා කඩුලු 3ක්ද ලහිරු කුමාර සහ අකිල ධනංජය පිලිවෙලින්කඩුලු 2ක් සහ කඩුල්ලක් ලබාගත්තේය.

දිවා විවේකයෙන් පසු ඉලක්කය හඹා යෑම ආරම්භ කල ශ්‍රී ලංකා ආරම්භ පිතිකරුවන් යුවල වන දිමුත් කරුණාරත්න සහ ලහිරුතිරිමාන්න ඉතා පරීක්ෂාකාරීව පන්දු තෝරා බේරාගෙන පහර දෙමින් අති සාර්ථක ආරම්භයක් ලබා දීමට සමත් විය.

සිය 23වන අර්ධ ශතකය ලබාගත් දිමුත් කරුණාරත්න ලකුණු 71ක්ද සිය හයවන ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් ලහිරු තිරිමාන්නලකුණු 53ක්ද ලබාගෙන සිටියේය.

හෙට තරගයේ පස් වන සහ අවසාන දිනය වන අතර ජයග්‍රහණයට තවත් ලකුණු 135ක් අවශ්‍ය අතර කඩුලු දහයක් අතැතිව සිටී.[/vc_column_text][/vc_column][vc_column width=”1/3″][vc_widget_sidebar sidebar_id=”td-default”][/vc_column][/vc_row]

Back To Top