කුසල් මෙන්ඩිස්ගේ Peshawar Zalmi පිළ PSL ශූරයින් වෙයි!

2026 PSL තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ Hyderbad Kingsmen කණ්ඩායම සහ Peshawar Zalmi කණ්ඩායම අතර ලාහෝර්හීදී පැවැත්වුණා.එම තරගය කඩුලු 5කින් ජයගනිමින් 2026 පාකිස්ථාන් සුපර් ලීග් තරගාවලියේ ශූරයින් බවට පත්වීමට කුසල් මෙන්ඩිස් නියෝජනය කළ Peshawar Zalmi කණ්ඩායම සමත් වුණා.

තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් Kingsmen පිළ පන්දුවාර 18කදී සියලුදෙනා දැවී රැස් කරේ ලකුණු 129ක් පමණයි.ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූවේ සයිම් අයුබ්,ඔහු ලකුණු 54ක් රැස් කරා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Peshawar පිළේ මුල් කඩුලු 4ම ලකුණු 40ක් තුළ බිද වැටී තිබුණ අවස්ථාවක අබ්දුල් සමාද් සහ ආරොන් හාර්ඩි අතර පස්වෙනි කඩුල්ලට ගොඩ නැගුණු 85ක සබදතාවය නිසාවෙන් තරගය පහසුවෙන් ජය ගැනීමට Peshawar කණ්ඩායම සමත් වුණා.කුසල් මෙන්ඩිස්ට ඊයේ රැස් කිරීමට හැකි වූවේ ලකුණු 9ක් පමණයි.

කෙසේවෙතත් මෙවර PSL තරගාවලියේ දෙවෙනි වැඩිම ලකුණුලාභියා (ලකුණු 550),වැඩිම ලකුණුලාභී විදෙස් පිතිකරුවා වූවේ කුසල් මෙන්ඩිස්.මෙවර තරගාවලියේ හොදම කඩුලු රකින්නා වූවේද ඔහුයි.

තරගයේ ලකුණු සටහන

Hyderabad Kingsmen පන්දුවාර 18කදී සියලුදෙනා දැවී ලකුණු 129යි.

සයිම් අයුබ් 54,මාර්නුස් ලබුශේන් 20
ආරොන් හාර්ඩි 27/4,නහිඩ් රනා 22/2

Peshawar Zalmi කණ්ඩායම පන්දුවාර 15.2කදී කඩුලු 5ක් දැවී ලකුණු 130යි.

ආරොන් හාර්ඩි 56,අබ්දුල් සමාද් 48
මොහොමඩ් අලී 38/3,ආකිෆ් ජාවෙඩ් 29/1

Back To Top