දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ තරග කාලසටහන නිකුත් කෙරේ.

[vc_row][vc_column][vc_column_text]හෙට නේපාලයේ කත්මණ්ඩු නුවරදී ආරම්භ වීමට නියමිත දහතුන් වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ තරග කාලසටහන මේ වන විට නිකුත් කොට තිබෙනවා. තෙවන වරටත් නේපාලය විසින් දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සත්කාරකත්වය දරණ අතර මීට පෙර 1984දී හා 1999දී නේපාලය මෙම තරගාවලිය සිය රටේ දී පවත්වා තිබෙනවා.

තරගාවලිය මේ වසරේ මාර්තු මස 9 වනදා ආරම්භ වීමට නියමිතව තිබුණද බැංකොක් නුවර පැවැති ඔලිම්පික් කවුන්සලයේ විධායක මණ්ඩලයේ රැස්වීමකදී ලබා ගත් තීරණයකට අනුව දෙසැම්බර් මස දක්වා මෙම තරඟාවලිය කල් දැමීමට සංවිධායකයන් තීරණය කරනු ලැබුවා.

මෙවර තරගාවලිය තුළ ක්‍රීඩා ඉසව් තිහක් පැවැත්වීමට නියමිත අතර නේපාලය විසින් ගොල්ෆ් හා කරාතේ ක්‍රීඩා ද මෙවර තරගාවලියට ඇතුළත් කොට තිබෙනවා.වසර අටකට පසුව දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ක්‍රිකට් තරග ඇතුළත් අතර එය 20-20 තරග ආකෘතියක් යටතේ වයස අවුරුදු 23 න් පහළ තරගාවලියක් ලෙස පැවැත්වෙනවා.

එසේම මෙම තරගාවලි ඉතිහාසයේ පළමු වරට මෙවර දකුණු ආසියානු ඔලිම්පික් කමිටුව මගින් ක්‍රීඩා උළෙලේ සජීවී රූපවාහිනී විකාශන අයිතිය ඉන්දියානු රුපියල් මිලියන 80කට NK Media Venture (Pvt) Ltd යන සමාගම වෙත විකිණීමට සමත්වී තිබෙනවා.
කෙසේ නමුත් මේ දක්වා කිසිදු ශ්‍රී ලාංකික නාළිකාවක් මෙම තරගාවලිය විකාශන අයිතිය ලබා නොගැනීම කණගාටුවට කරුණකි.

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ තරග කාලසටහන මෙසේයි.

සමාරම්භක උත්සවය – 01 දෙසැම්බර් 2019
සමාප්ති උත්සවය: 10 දෙසැම්බර් 2019
දුනු විදීම: 03 දෙසැම්බර් 2019 – 07 දෙසැම්බර් 2019
මලල ක්‍රීඩා: 03 දෙසැම්බර් 2019 – 07 දෙසැම්බර් 2019
පැසිපන්දු: 05 දෙසැම්බර් 2019 – 10 දෙසැම්බර් 2019
3* පැසිපන්දු: 07 දෙසැම්බර් 2019 – 09 දෙසැම්බර් 2019
බැඩ්මින්ටන්: 01 දෙසැම්බර් 2019 – 06 දෙසැම්බර් 2019
බොක්සිං: 06 දෙසැම්බර් 2019 – 10 දෙසැම්බර් 2019
ක්‍රිකට් (පිරිමි): 02 දෙසැම්බර් 2019 – 09 දෙසැම්බර් 2019
ක්‍රිකට් (කාන්තා): 02 දෙසැම්බර් 2019 – 09 දෙසැම්බර් 2019
පාපැදි තරග: 03 දෙසැම්බර් 2019 – 07 දෙසැම්බර් 2019
කඩු සටන්: 06 දෙසැම්බර් 2019 – 09 දෙසැම්බර් 2019
පාපන්දු (පිරිමි): 01 දෙසැම්බර් 2019 – 10 දෙසැම්බර් 2019
පාපන්දු (කාන්තා): 03 දෙසැම්බර් 2019 – 10 දෙසැම්බර් 2019
ගොල්ෆ්: 2 දෙසැම්බර් 2019 – 6 දෙසැම්බර් 2019
අත්පන්දු: 04 දෙසැම්බර් 2019 -0 9 දෙසැම්බර් 2019
ජූඩෝ: 07 දෙසැම්බර් 2019 – 10 දෙසැම්බර් 2019
කබඩි: 04 දෙසැම්බර් 2019 – 09 දෙසැම්බර් 2019
කරාටි: 01 දෙසැම්බර් 2019 – 04 දෙසැම්බර් 2019
කෝ- කෝ: 01 දෙසැම්බර් 2019 – 04 දෙසැම්බර් 2019
Paragliding: 30 නොවැම්බර් 2019 – 09 දෙසැම්බර් 2019
පිහිනුම්: 05 දෙසැම්බර් 2019 – 09 දෙසැම්බර් 2019
වෙඩි තැබීම: 03 දෙසැම්බර් 2019 – 08 දෙසැම්බර් 2019
ස්කොෂ්: 05 දෙසැම්බර් 2019 – 09 දෙසැම්බර් 2019
මේසපන්දු: 02 දෙසැම්බර් 2019 – 06 දෙසැම්බර් 2019
ටෙනිස්: 01 දෙසැම්බර් 2019 – 09 දෙසැම්බර් 2019
ටයිකොන්ඩෝ: 02 දෙසැම්බර් 2019 – 05 දෙසැම්බර් 2019
මිශ්‍ර ධාවන: 02 දෙසැම්බර් 2019 – 04 දෙසැම්බර් 2019
වොලිබෝල්: 27 නොවැම්බර් 2019 – 03 දෙසැම්බර් 2019
වෙරළ වොලිබෝල්: 05 දෙසැම්බර් 2019 – 08 දෙසැම්බර් 2019
බර ඉසිලීම: 05 දෙසැම්බර් 2019 – 80 දෙසැම්බර් 2019
මල්ලවපොර: 06 දෙසැම්බර් 2019 – 09 දෙසැම්බර් 2019
වූෂූ: 29 නොවැම්බර් 2019 – 05 දෙසැම්බර් 2019[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top