පාකිස්තානය පරාජය කළ ඉන්දියාව යොවුන් ලෝක කුසලානයේ අවසන් තරගයට

[vc_row][vc_column][vc_column_text]වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය පැවැත්වුණේ ඉන්දියවෙ සහ පකිස්ථානය අතර.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පාකිස්ථානයට පන්දු වාර 43යි පන්දු එකක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකිවුණේ ලකුණු 172 ක් පමණයි. වැඩිම ලකුණු ලාභියා වූ නායක රොහේල් නසීර් ලකුණු 62 ක් රැස් කළා. හෙයිඩර් අලී ලකුණු 56 යි. මොහොමඩ් හාරිස් ලකුණු 21 යි. සෙසු කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

පන්දු යැවීමේදී සුෂාන්ත් මිෂ්රා ලකුණු 28 කට කඩුලු 3 ක් බිද හෙලුවා. කාර්තික් ත්‍යාගී සහ රවී බිෂ්නෝයි කඩුලු 2 බැගින් බිද හෙලුවා. පිලිතුරු ලෙස ඉන්දීය කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දු වාර 35 යි පන්දු 2 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 176 ක් රැස් කරමින්. විශිෂ්ට ඉනිමක් ගොඩනැගූ යෂාස්යි ජයිස්වාල් නොදැවී ලකුණු 105 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4 පහර 8 ක් සහ 6 පහර 4 ක් ඇතුලත්. දිව්යාන්ස් සක්සෙනා නොදැවී ලකුණු 59 ක් රැස් කළා.

අවසන් පූර්ව තරගයෙන් කඩුලු 10 ක විශිෂ්ට ජයක් ලැබූ ඉන්දියාව තරගාවලියේ අවසන් තරගයට පිවිසියා.

 

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top