බැංගලෝරය පැරදවූ ගුජරාටයට කඩුලු 4ක ජයක්

2026 IPL තරගාවලියේ 42වෙනි තරගය ඊයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර අහ්මදාබාද්හී නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

තරගය පන්දු 25ක් ඉතිරිව තිබියදී කඩුලු 4කින් ජයගැනීමට සමත් වූවේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම.මුලින්ම පන්දුවට පහර දුන්න රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ සියලු කඩුලු පන්දුවාර 19.2කදී දැවී ගියේ ලකුණු 155කට.දෙව්දත් පඩික්කල් රැස් කළ වේගවත් ලකුණු 40 සහ විරාත් කෝලිගේ ලකුණු 28 හැර කිසිදු බැංගලෝර් පිතිකරුවෙක් ලකුණු 20 සීමාවටවත් පැමිණීමට අසමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 15.5කදී ලකුණු 158ක් ලබාගෙන පහසුවෙන්ම තරගය ජයග්‍රහණය කරා.ගුජරාට් ඉනිම වේගවත් කිරීමට නායක ශුබ්මන් ගිල්ගේ වේගවත් ලකුණු 43,ජොස් බට්ලර්ගේ වේගවත් ලකුණු 39 එක්ක ගුජරාට් ජයග්‍රහණය තවත් ඉක්මන් උනා.මේ ජයග්‍රහණය සමග ප්‍රසාද ලකුණු සටහනේ පස්වෙනි ස්ථානය දක්වා පැමිණීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වූ අතර තරගය පරාජය වුවත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම දෙවෙනි ස්ථානයේම රැදී සිටිනවා.

ඊයේ තරගයේ ලකුණු සටහන

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 19.2කදී සියලුදෙනා දැවී ලකුණු 155යි.

දෙව්දත් පඩික්කල් 40,විරාත් කෝලි 28
අර්ශාඩ් ඛාන් 22/3,රශිඩ් ඛාන් 19/2,ජේසන් හෝල්ඩර් 29/2

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 15.5කදී කඩුලු 6ක් දැවී ලකුණු 158යි.

ශුබ්මන් ගිල් 43,ජොස් බට්ලර් 39
බුවනේෂ්වර් කුමාර් 28/3,රොමාරියෝ ශෙපර්ඩ් 30/2

Back To Top