මේස පන්දු ජාතික ශුරතාව 6 වැනි වරටත් උදය රණසිංහට

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා මේස පන්දු සංගමය සංවිධාන කල ජාතික ශුරතා මේස පන්දු තරගාවලිය පසුගියදා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ මේස පන්දු ක්‍රීඩාංගණයේදී අවසන් වුණා. මෙවර තරගාවලිය සංවිධාන කර තිබුණේ 73 වැනි වරට.

දින 2 ක් පුරා පැවැති තරගාවලිය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 227 දෙනෙකු සහභාගී වී සිටියා. තරග පැවැත්වුණේ කාන්තා හා පිරිමි කේවල, කාන්තා හා පිරිමි යුගල සහ මිශ්‍ර යුගල ලෙසයි. තරගාවලියේ කාන්තා කේවල අවසන් තරගයට සුදුසුකම් ලබා තිබුණේ කොළඹ කාන්තා විද්‍යාලයේ ජිතාරා වර්ණකුලසූරිය සහ නාවික හමුදාවේ හංසනී පියුමිකා. ඉන් වට හතරට දෙකක් ලෙස ජය වාර්තා කළ හංසනී පියුමිකා ශුරතාව දිනා ගත්තා.

පිරිමි කේවල අවසන් තරගය මොරටුව විශ්ව විද්‍යාලයේ සුපුන් වරුසවිතාන සහ ආදි විද්‍යාර්ත මේස පන්දු සංගමයේ උදය රණසිංහ අතර පැවැත්වුණා. ඉන් වට 4 ට 0 ක් ලෙස ජය වාර්තා කළේ උදය රණසිංහයි. ඒ අනුව උදය රණසිංහ තරගාවලියේ ශුරතාව දිනා ගත් අතර ඔහු ජාතික මේස පන්දු ශුරතාව දිනූ 6 වැනි අවස්ථාව මෙයයි. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව නාවික හමුදාවේ හංසනී පියුමිකා. ආදි විද්‍යාර්ත මේස පන්දු සංගමයේ උදය රණසිංහ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයායි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top