ලෝක කුසලානයට ගිය රැසකට කණ්ඩායමේ දොර වැසෙයි

සිම්බාබ්වේ කණ්ඩායම සමගින් එළඹෙන ජනවාරි මසදී පැවැත්වෙන එක්දින හා විස්සයි විස්ස තරග වෙනුවෙන් ක්‍රීඩකයන් 22කින් යුතු මූලික සංචිතයක් නම් කොට ඇත. ඒ අනුව මේ දිනවල ක්‍රියාත්මක අන්තර් සමාජ එක්දින තරගාවලියේ දස්කම්ද සැලකිල්ලට ගෙන මෙම ක්‍රීඩකයන් 22 ලැයිස්තුව නම් කොට ඇත.

මෙම සංචිතය ක්‍රීඩකයන් 15 දෙනෙකු දක්වා අඩු කිරීමට නියමිත අතර අවසන් සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිර්දේශය වෙනුවෙන් යොමු කරනු ඇත. තරගාවලිය එළඹෙන ජනවාරි 6 වනදා ආරම්භ වීමට නියමිතය. එක්දින ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ ඇන්ජිලෝ මැතිව්ස්,කුසල් පෙරේරා, ධනංජය සිල්වා, දිමුත් කරුණාරත්න,දුෂාන් හේමන්ත, මතීෂ පතිරණ හා කසුන් රාජිත මෙම මූලික සංචිතයට ඇතුළත් කොට නැත

ශ්‍රී ලංකා මූලික සංචිතය
කුස්ල් මෙන්ඩිස්
පැතුම් නිස්සංක
චරිත් අසලංක
වනිදු හසරංග
සදීර සමරවික්‍රම
දසුන් ශානක
චාමික කරුණාරත්න
දුෂ්මන්ත චමීර
මහීෂ් තීක්ෂණ
අවිශ්ක ප්‍රනාන්දු
නුවනිදු ප්‍රනාන්දු
දුනිත් වෙල්ලාලගේ
ජනිත් ලියනගේ
කමිදු මෙන්ඩිස්
අකිල ධනංජය
සහන් ආරච්චිගේ
ඩිල්ෂාන් මධුසංඛ
අසිත ප්‍රනාන්දු
ප්‍රමෝද් මධුෂාන්
ජෙෆ්‍රි වැන්ඩසේ
චාමික ගුණසේකර

Back To Top