දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලිය ඉන්දීය පිතිකරුවන්ට අභියෝගයක් වේවි – ෆැෆ් ඩුප්ලෙසිස්

ඉන්දීය පිතිකරුවන්ට දකුණු අප්‍රිකානු තත්ත්වයන් තුළ ක්‍රීඩා කිරීමට අපහසු වන්නේ මන්දැයි හිටපු දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසිස් පැහැදිලි කර තිබේ. දෙපිල අතර සෙන්චූරියන්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට පෙර අදහස් දක්වමින් ඩු ප්ලෙසිස් මේ බව සසදහන් කොට ඇත.ඉන්දියාව මෙතෙක් දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගාවලියක් ජයගෙන නොමැත. තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී සත්කාරක කණ්ඩායමට අභියෝග කළ හැකි ප්‍රබල කණ්ඩායමක් ඉන්දියාව සතුය

ඔවුන් සාමාන්‍යයෙන් ඉන්දියාවේ මුහුණ දෙන තණතීරුවලට සාපේක්ෂව මෙහි අමතර ඉපිලීමක් තියෙනවා. ඔවුන් එහි ඉහළට එන පන්දුවට පහර දීමට පුරුදු වෙලා ඉන්නේ. නමුත් ඉපිලීම සහ දෝලනයත් එක්ක, ඔබ මීට පෙර එය කර නොමැති නම් අමතර අවදානමක් තියෙනවා. දකුණු අප්‍රිකාවේ හොඳින් ක්‍රීඩා කිරීමටනම් දිගු කාලයක් එහි සිටීම කළ යුතුයි

මට මතකයි 2018 තරගමාලාව, ඔවුන් අපි ළගටම ආවා. ඔවුන් එදා හොඳට පන්දුව අතහැරියා. දකුණු අප්‍රිකාවේ සාර්ථක ටෙස්ට් කණ්ඩායමක් වෙන්න ඒක තමයි ඕනිම දේ. හැම වෙලාවෙම ඉවසීමෙන් වගේම දකුණු අරිකාවේ තත්වයන්ට අවනත වෙන්න ඕන. ඔබ කෙටි පන්දු හා අමතර ඉලිප්පීමක් සමඟ ක්‍රීඩා කරන්නේ කෙසේද සහ ඔබ ඒවා අත්හැරිය යුතුද යන්න පිළිබඳව හොඳ සැලැස්මක් තිබිය යුතුයි,.

Back To Top