විශ්ව ප්‍රනාන්දු එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමකට

[vc_row][vc_column][vc_column_text]එංගලන්ත County තරගාවලියේ Durham කණ්ඩායම සහභාගි වන අවසන් තරග දෙක වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු එක් කොට ගැනීමට තීරණය කොට තිබෙනවා. ඒ අනුව වමත් වවේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු එම තරග දෙක වෙනුවෙන් Durham කණ්ඩායම සමගින් ගිවිසුම් ගතව තිබෙනවා.
ටෙස්ට් තරඟ 20 ක් ක්‍රීඩා කර ඇති 31 හැවිරිදි විශ්ව වෝකෙස්ටර්ෂයර් කණ්ඩායමට හා ලීකෙස්ටර්ෂයර් කණ්ඩායට එරෙහිව පැවැත්වෙන තරග දෙක වෙනුවෙන් ඩර්හැම් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරනු ඇත.

පළමු කාණ්ඩයට උසස්වීමට හා දෙවන කොටසේ ශූරතාව ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන්ට ඉතිරි තරග දෙකෙන් ලකුණු පහක් පමණක් අවශ්‍ය වී ඇත. ඩර්හැම් කණ්ඩායම හා සසෙක්ස් කණ්ඩායම අතර පැවති තරගය සඳහා විශ්ව එක් කොට ගැනීමට බලාපොරොත්තු වූ නමුත් වීසා ගැටළුවක් හේතුවෙන් ඔහුට එය මගහැරිණි. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන අසිත ප්‍රනාන්දු හා සුරංග ලක්මාල් ද County තරගාවලියට ක්‍රීඩා කරයි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top