ශ්‍රී ලංකාව පරදා ඕස්ට්‍රේලියාවට පහසු ජයක්

[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාව අතර තරඟය පර්ත් හිදී පැවැත්වුණා. තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ ඒ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්. ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු හයක් වනවිට කුසල් ලකුණු 5 කට දැවී ගියා. අනතුරුව දනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 69 ක්. ධනංජය ද සිල්වා ලකුණු 26 යි. පැතුම් නිස්සංක දුවද්දී දැවී ගියේ ලකුණු 40 ක් ලබා සිටියදී. ශ්‍රී ලංකාව පන්දු පන්දුවාර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 157 ක් රැස් කළා. චරිත් අසලංක නොදැවී ලකුණු 38 යි.

පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව තරගය ජය ගත්තේ පන්දු වාර 16 යි පන්දු 3 අවසානයේ ලකුණු 158 ක් රැස් කරමින්. මාකස් ස්ටොයින්ස් නොදැවී ලකුණු 59 යි. ඔහු පන්දු 17 කදී අර්ධ ශතකය වාර්තා කළ අතර එය ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකු 20 යි 20 තරගයකදී වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකයයි. නායක ඒරන් ෆින්ච් නොදැවී ලකුණු 31 ක් රැස් කළා.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top