ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ජාතික ශේන් මැක්ඩමර්ට් පත් කරයි

[vc_row][vc_column][vc_column_text]ඕස්ට්‍රේලියානු ජාතික 38 හැවිරිදි ශේන් මැක්ඩමර්ට් ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පාකිස්තානු තරග සංචාරයේ සිට එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් අනාවරණය කරයි…

ශේන් මැක්ඩමර්ට් යනු ,

ඔහු පත්වෙතැයි අපේක්ෂා කරන මිකී ආතර් සේම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා නොකළ පුහුණුකරුවෙකි..වෘත්තීමය වශයෙන් ඔහු ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස සේවය ආරම්භ කොට ඇති අතර මේ දක්වා ඔහු ඕස්ට්‍රේලියානු කණ්ඩායම , තස්මේනියා ක්‍රිකට් කණ්ඩායම , බංග්ලාදේශය ඇතුළු කණ්ඩායම් රැසක පුහුණුකරුවකු ලෙස ඔහු ක්‍රියා කොට ඇත.. ඔහු වැඩ බලන සහය පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමේ අවස්ථා දෙකකදී කටයුතු කිරීම ඔහු මෙතෙක් පුහුණුකරුවෙකු ලෙස ලගාවූ ඉහළතම ස්ථානය වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකාර ධූරය සඳහා ඔහුව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය (Cricket Australia) විසින් ඉහලින්ම නිර්දේශ කොට ඇත..

– චානා-[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top