තවමත් වයස අවුරුදු 17 ක් වන සංජනා කාවින්දි නවසීලන්ත කාන්තා ‘ඒ‘ පිලට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයේදී පන්දු 73 කදී ලකුණු 79 ක් ලබා ගනිමින් තරගය ජය ගැනීම වෙනුවෙන් අධිෂ්ඨානශීලී පිතිහරඹයක නිරත වුවද අනෙක් අන්තයෙන් ලැබිය යුතු සේවය නොලැබී යෑම නිසා අවසානයේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 84 ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායමට අද (18 දා) පස්වරුවේදී සිදුවිය.
නවසීලන්ත කාන්තා ‘ඒ‘ කණ්ඩායම ලබා දුන් ලකුණු 274 ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායමට ලකුණු 67 ක ශක්තිමත් ආරම්භයක් ලබා දීමට සංජනා කාවින්දි සහ විශ්මි ගුණරත්න සමත් වුවත්, මැද පිතිකාරිනියන් යැයි වගකීමක් ගෙන කණ්ඩායමට ක්‍රීඩා කරන ලද කිසිදු ක්‍රීඩිකාවකගෙන් සෑහීමකට පත්විය හැකි මට්ටමේ සේවයක් නොලැබී යෑම නිසා ශ්‍රී ලංකාවට මෙම තරගයෙන් පමණක් නොව තරගාවලියෙන්ද 1-0 ක් ලෙස පරාජය වැළඳ ගැනීමට සිදුවිය.
අද තරගයටද වර්ෂාවෙන් විටින් විට බාධා ඇති වුවද, නවසීලන්ත ඉනිමේ පන්දුවාර 50 ම යැවීමට අවස්ථාව උදාවිය. එහෙත් ශ්‍රී ලංකා ඉනිම අතරතුර තරගය අයහපත් කාලගුණය මත තාවකාලිකව නවතා දැමීම නිසා ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකාවට ලකුණු 234 ක ඉලක්කයක් හිමිවිය.
පළමු කඩුල්ල ලෙස විශ්මි ගුණරත්න ලකුණු 67 ක් තිබියදී දැවී යෑමෙන් පසු ශ්‍රී ලංකා පිලේ කඩා වැටීම ඇරැඹිණ. ඇයගේ දැවී යෑමෙන් පසු ලකුණු පුවරුවට ලකුනු 04 ක් එකතුවන වාරයේදී ඉදිරිපෙළ පිතිකාරිණියන් සිව් දෙනෙකුම දැවී යෑම නිසා ශ්‍රී ලංකාවට නැවත හිස එසවීමට අවස්ථාවක් නොවීය.
ඒ අතරින් කැපී පෙනුණු තවමත් වයස අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායමේ සාමාජිකාවක් වන සංජනා කාවින්දිගේ ලකුණු 79 ක අනගි ඉනිම සඳහා ඇය හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් එල්ල කිරීමට සමත්වූවාය. ඇයට අමතරව සත්කාරක පිල වෙනුවෙන් යන්තම් ලකුණු 20 සීමාව ඉක්මවා යෑමට සමත්වූයේ විශ්මි ගුණරත්න (23) සහ පියුමි වත්සලා (24) පමණි.
පළමු තරග දෙකට ක්‍රීඩා කළ විමෝක්ෂා බාලසූරිය වෙනුවට අංක 3 ස්ථානයෙන් පන්දුවට පහර දීම සඳහා අද තරගයට කැඳවා තිබු ලිහිනි අප්සරාට රැස් කරගත හැකි වූයේ එක් ලකුණක් පමණි. ලිමංසා තිලකරත්න (00), දෙව්මි විහංගා ද (01) අඩු ලකුණු වලට දැවී ගිය අතර සංජනා කාවින්දිට එක් වුණු පියුමි වත්සලා පස්වැනි කඩුල්ලට ලකුණු 49 ක් එක් කිරීමට දායකත්වය දැක්වූවාය. 30 වැනි විය ඉක්මවා සිටින ජාතික මට්ටමේ ක්‍රීඩිකාවක් වන පියුම මෙම තරගාවලිය යටතේ වූ තරග 3 ම ක්‍රීඩා කළද ඇය රැස් කරන ලද්දේ ලකුණු 45 ක් පමණි.
අවසානයේ ශ්‍රී ලංකා කාන්තා ‘ඒ පිලේ ඉනිමපන්දුවාර 33.2 කදී නිමාවට පත්වූයේ මුලු ලකුනු සංඛ්‍යාව ලකුණු පුවරුවේ 149 ක් සටහන්ව තිබියදීය.
කාසියේ වාසියත් සමග පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කාන්තා ‘ඒ‘ ක්‍රීඩිකාවෝ නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 8 කට ලකුණු 273 ක් රැස් කර ගැනීමට සමත්වූහ. ඒ අතරින් පිත්තෙන් කැපී පෙනුණු ආරම්භක පිතිකාරිණී කේට් ඇන්ඩර්සන් පන්දු 108 කදී ලකුණු 84 ක් ද මැද පෙ පිතිකාරිණී බෙලා ආම්ස්ට්‍රෝංග් පන්දු 57 කදී ලකුණු 59 ක් රැස් කරමින් නවසීලන්ත පිලට ප්‍රධාන ශක්තිය ගෙන ආ පිතිකාරිණියෝ බවට පත්වූහ. පසු පෙලින් පැමිණී කේලී නයිට් පන්දු 22 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමින් ලකුණු 38 ක් ලබා සංචාරක පිලේ ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කළාය.
පන්දු යැවීමේදී තාරුකා ෂෙහානි ලකුණු 64 කට කඩුලු 4 ක් දවා ගනිද්දි බාළිකා පිලේ නායිකාව වු චමුදි ප්‍ර බෝධා කුණු 27 කට කඩුු 2 ක් දවා ගත්තාය.
දෙපිළ අතර පැැවත්විමට නියමිත තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පලමු තරගය ලබන 21 වැනිදා රංගිරි දමුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
නවසීලන්ත කාන්තා ‘ඒ‘ පිල පන්දුවාර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 273 යි – (කේට් ඇන්ඩර්සන් 84. ජෙස් වොට්කින් 36, බෙලා ආම්ස්ට්‍රෝංග් 59, කේයිලි නයිට් 38*, තාරකා සෙහානි 64/4, චමුදි ප්‍ර බෝධා 37/2, දෙව්මි විහංගා 46/1)
ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායම පන්දුවාර 33.2 කදී සියලු දෙනා දැවී ලකුණු 149 යි – (සංජනා කාවින්දි 79, විශ්මි ගුණරත්න 23, පියුමි වත්සලා 24, මර්මා ඩෝව්න්ස් 18/4, බෙලා ආම්ස්ට්‍රෝංග් 39/3, ජේ.ඒ. වොට්කින්ස් 03/2)

