සකුන සහ අම්ෂි දක්ෂතම ක්‍රීඩකයින් අතර පෙරමුණගනී

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 5 ක් අවසානයේදී පිතිකරුවන් අතර සකුන ලියනගේ සහ පන්දු යවන්නන් අතර අම්ෂි ද සිල්වා පෙරමුණ ගැනීමට සමත්ව සිටිති.

නුගේගොඩ ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන සකුණ තරග 4 කට ක්‍රීඩා කරමින් ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 72 ක් රඳවා ගනිමින් මුලු ලකුණු 216 ක් ලබා පිතිකරුවන් අතර පෙරමුණට පිවිස සිටියි. සී.සී.සී. කණ්ඩායම නියෝජනය කරන අම්ෂි තරග 3 කදී කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 5.91 ක් තරම් අඩු සංඛ්‍යාවක රඳවා ගනිමින් කඩුලු 11 ක් බිඳ හෙළා වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ පෙරමුණට පැමිණ සිටියි.

වැඩිම ලකුණු ලාභී පිතිකරුවන් අතර යුද හමුදාව පිල නියෝජනය කරන බිෂාන් මෙන්ඩිස් ලකුණු 214 ක් ලබා දෙවැනි ස්ථානයේදී බී. ආර්. සී. පිලේ නිසල් ෆ්‍රැන්සිස්කෝ ලකුණු 199 ක් ලබා එහි තෙවැනි ස්ථානයෙත් පසු වෙති.

හලාවත මේරියන්ස් පිල නියෝජනය කරනු ලබන කමිඳු මෙන්ඩිස් තරග 2 කදී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් මුලු ලකුණු 183 ක් ලබා එහි පස්වැනි ස්ථානයේ පසුවන අතර ඔහුගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 183 ක් වශයෙන් සටහන් වීම කැපී පෙනෙයි.

පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවන අම්ෂි ද සිල්වා සහ දෙවැනි සහ තෙවැනි ස්ථානවල පිළිවෙළින් රැඳී සිටින නිපුන ලක්ෂාන් (නුගේගොඩ) සහ සචිඳු කොළඹගේ (ටැමිල් යුනියන්) යන තිදෙනාම කඩුලු 11 බැගින් ලබාගෙන සිටින නමුත්, කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය අතරින් අම්ෂි ඉදිරියෙන් (5.91) සිටීම නිසා ඔහුට එම සටහනේ පළමු ස්ථානය වෙන්වී තිබේ. හෙතෙම කුරුණෑගල තරුණ සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජවලට එරෙහිව පැවැති තරගවලදී කඩුලු 5 බැගින් දවා ගැනීමට සමත්වීම කැපී පෛනෙයි.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top