කෝලිට 9යි බැංගලෝරයට 20යි!

ෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර ඊයේ පැවති මෙවර IPL තරගාවලියේ 57වෙනි තරගයේ ජය හිමි කර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.ඒ කඩුලු 6ක විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගනිමින්.

වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ වූවේ පැයක ප්‍රමාදයකින් පසුවයි.පළමුවෙන් පන්දුවට පහර දුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 4කට ලකුණු 192ක් රැස් කිරීමට සමත් වුණා.එහිදී කැපීපෙනෙන ඉනිමක් ක්‍රීඩා කරේ අංග්ක්‍රිෂ් රඝුවංශි,දුවද්දි දැවීයාමකට හසුවන විට ඔහු ලකුණු 71ක් රැස් කරගෙන සිටියා.කොල්කටා ඉනිමේ අවසන් භාගයේ රින්කු සිංග් දියත් කළ වේගවත් ඉනිමත් සමග පහසුවෙන් ලකුණු 192ක් දක්වා කොල්කටා ඉනිම ඇදීගියා.ලකුණු 193ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි බැංගලෝර් කණ්ඩායම විරාත් කෝලිගේ සුපිරි අර්ධ ශතකය සමගින් පහසුවෙන්ම එම ඉලක්කය සම්පූර්ණ කිරීමට සමත් වුණා.

විරාත් කෝලි ඊයේ රැස් කළේ ඔහුගේ 9වෙනි IPL ශතකය වන අතර බැංගලෝර් පිතිකරුවෙක් රැස් කළ 20වෙනි ශතකයයි.බැංගලෝර් ඉනිමේ හරි අඩකට වැඩි ප්‍රමාණයක් විරාත්ගේ පිත්තෙන් වාර්තා වූ ලකුණු වීමද විශේෂයි.එම තරගය ජය ගැනීමත් සමග නැවතත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.

තරගයේ ලකුණු සටහන

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 20කදී කඩුලු 4කට ලකුණු 192යි.

අංග්ක්‍රිෂ් රඝුවංශි 71,රින්කු සිංග් 49,කැමරන් ග්‍රීන් 32
බුවනේෂ්වර් කුමාර් 34/1,ජොෂ් හෙසල්වුඩ් 35/1,රාසික් සලාම් 35/1

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 19.1කදී කඩුලු 4ක් දැවී ලකුණු 194යි.

විරාත් කෝලි නොදැවී 105,දෙව්දත් පඩික්කල් 39
කාර්තික් ත්‍යාගි 32/3,සුනිල් නරේන් 31/1

Back To Top