ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ තුන්වෙනි අදියර මැයි 31වෙනිදා මොරොක්කෝවේ රබාට්හීදී ආරම්භ වීමට නියමිතයිඑහි හෙල්ල විසි කිරීමේ තරග ඉසව්ව සදහා ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ වත්මන් ශූර රුමේෂ් තරංග සහභාගී වීමට නියමිතව සිටිනවා.රුමේෂ් මේ වසරේදී මීටර් 89.37ක දුරක් වාර්තා කරමින් පෙරමුණේ පසුවන අතර මේ වසරේ ලොව දෙවන හොදම දක්ෂතාවය වන්නේ මීටර් 85.65ක්.
පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ මේ වසරේ හොදම දක්ෂතාවය දක්වා ඇත්තේ රුමේෂ් වන අතර මෙය රුමේෂ්ගේ පළමු ඩයමන්ඩ් ලීග් අත්දැකීමයි.එසේම පිටිය ක්‍රීඩාවක් සදහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් ඩයමන්ඩ් ලීගයට සහභාගී වන පළමු අවස්ථාවද මෙයයි.රුමේෂ් සමග කරට කර තරග කිරීමට පීටර්ස් ඇන්ඩර්සන්,තෝමස් රොහ්ලර්,කර්ටිස් තොම්ප්සන්,ජුලියස් යේගෝ වැනි ක්‍රීඩකයන්ද තරග බිමට පැමිණෙනු ඇත.
රුමේෂ් තරංග සහභාගී වන හෙල්ල විසිකිරීමේ ඉසව්ව ශ්‍රී ලංකා වේලාවෙන් ජුනි මස පළවෙනිදා මධ්‍යම රාත්‍රී 12.11ට ආරම්භ වනු ඇත.

