ෝහිත් – රෙකිල්ටන් මුම්බාය දිනවයි!

2026 IPL තරගාවලියේ 47වෙනි තරගය ඊයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතර පැවැත්වුණා.තරගය කඩුලු 6කින් පහසුවෙන් ජයග්‍රහණය කරේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම.

පළමුවෙන් පන්දුවට පහර දුන්න ලක්නව් කණ්ඩායම ලකුණු 225ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.ලක්නව් ඉනිමේ කැපීපෙනෙන ඉනිම ක්‍රීඩා කරේ නිකොලස් පූරන්,තරග 8කට පස්සේ ඔහුගේ පිත්ත ඊයේ ක්‍රියාත්මක උනේ.15වෙනි පන්දුවාරයෙන් පසු ලක්නව් ඉනිම මන්දගාමී වීමත් එක්ක ලකුණු නියත 250කට යාමට තිබූ ලක්නව් ඉනිම ලකුණු 228කට සීමා උනා.

ලකුණු 228ක ඉලක්කයක් හඹා යන්න ආව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දු 8ක් ඉතිරි වෙලා තියෙද්දි ලකුණු 229ක් ලබාගෙන පහසුවෙන්ම තරගය ජයග්‍රහණය කරා.මුම්බායි ඉනිමේ ආරම්භක පිතිකරණ යුගලය වන රෝහිත් ශර්මා සහ රයන් රෙකිල්ටන් පළමු කඩුල්ලට ගොඩනගපු ලකුණු 143 එක්ක මුම්බායි ඉනිම පහසුවෙන්ම ඉලක්කය වෙත ළගා උනා.

මෙවර තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ජයගත් තුන්වෙනි තරගය මෙය වන අතර දැනටත් ඔවුන් Play offs වටයෙන් ඉවත් වී ඇති පළමු කණ්ඩායම බවටද පත්ව තිබේ.ලක්නව් කණ්ඩායමත් මේ වන විට එම අවධානමේම සිටී.

ඊයේ තරගයේ ලකුණු සටහන

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 20කදී කඩුලු 5ක් දැවී ලකුණු 228යි.

නිකොලස් පූරන් 63,මෙචෙල් මාර්ෂ් 44,ඒයිඩ්න් මාක්‍රම් 31
කෝබින් බොස්ච් 20/2,රඝු ශර්මා 36/1,අල්ලාහ් ඝසන්ෆර් 50/1

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 18.4කදී කඩුලු 4ක් දැවී ලකුණු 229යි.

රෝහිත් ශර්මා 84,රයන් රෙකිල්ටන් 83,නාමන් ධීර් 23
සිද්ධාර්ත් 47/2,මොහ්සින් ඛාන් 47/1

Back To Top