2026 වසරේ ජුනි සහ ජුලි මාස වලදී මාලදිවයිනේදී පැවැත්වීමට නියමිතව තිබූ 4 Nations තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
මේ තරගාවලියට බංග්ලාදේශය,නේපාලය,සත්කාරක මාලදිවයින සහ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වීමට නියමිතව තිබුණේ.
2026 SAFF ශූරතාවලියට පෙර සූදානම් වීමේ තරගාවලියක් ලෙස මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබෙන අතර කෙසේවෙතත් මේ ඉවත්වීමේ හේතුව සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් ඉදිරිපත් කර නොමැත.
විදෙස් මාධ්‍ය දක්වා සිටින්නේ ජුනි 9වෙනිදා වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකු නැවත ඔවුන්ගේ ක්‍රීඩා සමාජ සමග එක් වීමට නියමිත බැවින් ජුනි 10වෙනිදා පැවැත්වෙන මෙම 4 Nations තරගාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමේ ගැටලු පවතින බවයි.
නමුත් සංවිධායකයින් තරගාවලිය ජුනි 1වෙනිදා සිට 10වෙනිදා දක්වා පැවැත්වෙන බවට මූලික ආරාධනයේදීම පැහැදිලිව දක්වා තිබුණු බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ.
කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තරගාවලියට එක්වීමට වැඩි ඉඩක් ඇති බවට වාර්තා වේ.

