ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ජාතික ශූර ක්‍රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්වල 07 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.ඒ ප්‍රසාද ලකුණු 1273ක් ලබා ගනිමින්.
ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් නිකුත් කර ඇති නවතම ශ්‍රේණිගත කිරීම් අනුවයි රුමේෂ්ට මෙම ස්ථානය හිමිව තිබෙන්නේ. 2026 වසර පුරාම ඔහු හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් දක්ෂතා රැසක් පසුගිය කාලය පුරා දැක්වූවා.
පසුගිය දවසක නයිරෝබි නුවර පැවති කිප් කීනෝ ක්ලැසික් තරඟාවලියේදීද රුමේෂ් මීටර් 89.28 ක දක්ෂතාවයක් දක්වමින් නව තරඟ වාර්තාවක් සමග රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා.
එහිදී ඔහු විසින් ඔලිම්පික් රන් පදක්කම්ලාභී තෝමස් රෝලර් සහ ලෝක ශූර ජුලියස් යේගෝ වැනි ප්‍රබල ක්‍රීඩකයින් අභිබවා යාමට සමත් වූ අතර දින 30 ක් ඇතුළත ඔහු මීටර් 89 සීමාව පසුකළ දෙවන අවස්ථාව වූවේද එයයි.
23 හැවිරිදි රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්වල මේ වන විට පළමු දස දෙනා අතර රැදී සිටින ලාබාලතම තරගකරුවා ද වේ.

