2026 ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් 16ක්

2026 ආසියානු බර ඉසිලීමේ ශූරතාවලිය එළබඹෙන මාර්තු 9වෙනිදා සිට 17වෙනිදා දක්වා ඉන්දියාවේ අහමදාබාද් හිදී පැවැත්වීමට නියමිතයි.මෙම තරගාවලිය මාර්තු අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබුණත් මැදපෙරදිග උද්ගත වූ තත්වය හේතුවෙන් එය කල් දැමුණි.

2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙළට සුදුසුකම් ලබාගත හැකි තරගාවලියක් වන මෙම තරගාවලියට මෙවර ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16දෙනෙකු සහභාගී වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8දෙනා සහ ක්‍රීඩිකාවන් 8දෙනා බර පන්ති 6ක් තරග වැදීමට නියමිතයි.

තරගාවලියට සහභාහී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන්,

ක්‍රීඩකයින්:
ඉසුරු කුමාර (60KG),සුපුන් සෝමතිලක (60KG),සදූ ජයවර්ධන (65KG),මනෝජ් විජේසිංහ (65KG),ඉන්දික දිසානායක (71KG),චින්තන විදානගේ (79KG),රුචිර ජයසේන (88KG),ශාලුක දිසානායක (94KG).

ක්‍රීඩිකාවන් :
රවිහාරි ගුණතිලක (48KG),හංසනී ගෝමස් (48KG),දිලිනි ප්‍රේමරත්න (53KG),ඩී.එම් මධුෂානි (58KG),එම්.උමේරා (63KG),චතුරිකා ප්‍රියන්ති (86KG),අචිනි වික්‍රමසිංහ (86KG+),අනුෂ්කා කලුතන්ත්‍රි (86KG+)

පුහුණුකරුවන්:
ආර්.බී වික්‍රමසිංහ (ප්‍රධාන පුහුණුකරු),රුක්ෂාන් ගුණතිලක,චමින්ද ගමගේ,මෙවින් විජේවර්ධන (සහය පුහුණුකරුවන්),එස්.රත්නායක (කළමනාකරු)

මැයි 11වෙනිදා පැවැත්වෙන තරගාවලියේ සමාරම්භක උළෙලෙන් තරගාවලිය ආරම්භ වීමට නියමිතයි.

Back To Top