80 වැනි බ්‍රැඩ්බි සටනේ පළමු අදිරයේදී ත්‍රිත්වයන්ට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකාවේ පාසල් රග්බි ක්‍රීඩාවේ වඩාත්ම ගෞරවනීය තරගාවලියක් වන 80 වැනි බ්‍රැඩ්බි පළිහ තරගයේදී රාජකීය විදුහල ලකුණු 33-10ක් ලෙස පරාජය කරමින් ත්‍රිත්ව විදුහල විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළේය. ඒ ලකුණු 23ක වාසියක් දෙවන අදිරයට රැගෙන යම්න්.

තරගයේ ආරම්භයේ සිට රාජකීයන් පිටියේ ආධිපත්‍යය තහවුරු කළ ද, අවසන් විනාඩි 10තුල ත්‍රිත්ව ක්‍රීඩකයෝ ශක්තිමත් ඉදිරිපෙළ ක්‍රීඩාවක්, වේගවත් පසුපෙළ සම්බන්ධීකරණයක් සහ අවස්ථා නිවැරදිව ප්‍රයෝජනයට ගනිමින් රාජකීය කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කළහ. ඔවුන්ගේ සාර්ථක ප්‍රහාර හමුවේ රාජකීයයන්ට තරගයේ රිද්මය තමන් වෙත හරවා ගැනීමට නොහැකි වූ අතර අවසානයේ ලකුණු 10කට සීමා විය.

උද්යෝගිමත් ප්‍රේක්ෂක සහභාගීත්වය සහ ඉහළ තරගකාරීත්වය මධ්‍යයේ පැවති මෙම තරගය, බ්‍රැඩ්බි සම්ප්‍රදායට තවත් මතක රැඳෙන පරිච්ඡේදයක් එක් කළේය.

මේ අතර, Ceylon Sports වෙනුවෙන් තරගය ආවරණය කිරීම සඳහා පැමිණි ඡායාරූප ශිල්පී සමීර පීරිස් හට එම තරග ක්‍රීඩා පිටියේ සිට අවරණය කිරීමට නොහැකි බව රාජකීය රග්බි කමිටුවේ සාමාජිකයකු විසින් ඔහුහට පවසා ඇත.

Ceylon Sports ලෙස අපගේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට සාධාරණ, වෘත්තීයමය සහ අපක්ෂපාතී මාධ්‍ය ආවරණයක් ලබාදීමයි. ක්‍රීඩා මාධ්‍යවේදීන් සහ ඡායාරූප ශිල්පීන්ට සාධාරණ ප්‍රවේශයක් ලබාදීම, ක්‍රීඩාවේ දියුණුවට මෙන්ම ක්‍රීඩා ඉතිහාසය නිවැරදිව ලේඛනගත කිරීමටද වැදගත් සාධකයකි.

Back To Top