මැයි තුන්වෙනිදා ප්‍රකාශයට පත් කළ නවතම ICC කාන්තා විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්හි තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර 3වෙනි ස්ථානයට පැමිණීමට චමරි අතපත්තු සමත්ව තිබෙනවා.ඒ පස්වෙනි ස්ථානයේ සිට ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමින්.ඇය විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩිකාවන්ගේ ශ්‍රේණිගත කිරීම් වලදී මෙතෙක් ලබා ගත් ඉහළම ස්ථානය වන්නේද මෙයයි.
මීට පෙර ඇය 2024 සහ 2025 වසර වල විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර 5 සහ 7වෙනි ස්ථාන වලට පත්ව තිබුණත් ඉන් ඉදිරියට පැමිණි පළමු අවස්ථාව මෙයයි.මෙම විස්සයි විස්ස කාන්තා තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම් වල Amelia Kerr පළමු ස්ථානයේ සහ Hayley Matthews දෙවෙනි ස්ථානයේ මේ වන විට රැදී සිටිනවා.චමරි අතපත්තුට අමතරව තුන් ඉරියව් ක්‍රීඩිකා කවීෂා දිල්හාරි ද තුන් ඉරියව් ක්‍රීඩිකාවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 10වෙනි ස්ථානයේ පසුවෙනවා.

