IPL තරගාවලියේ 48වෙනි තරගය ඊයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වුණා.තරගය කඩුලු 8කින් ඉතා පහසුවෙන් ජයග්‍රහණය කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.ඔවුන් පිට පිට ජයගත් දෙවෙනි තරගය මේ.පළමුවෙන් පන්දුවට පහර දුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 20ටම රැස් කරේ කඩුලු 7කට ලකුණු 155ක් විතරයි.
11වෙනි පන්දුවාර වන විට ලකුණු 69කට කඩුලු 5ක් අහිමි වෙලා තිබුණ දිල්ලි ඉනිම ආයෙම ගොඩනැගුවේ ට්‍රිස්ටන් ස්ටබ්ස් සහ සමීර් රිස්වි.ඔවුන් දෙදෙනා අතර 6වෙනි කඩුල්ලට ලකුණු 65ක සබදතාවයක් ගොඩ නැගුණා.චෙන්නායි කණ්ඩායමට ලැබුණ ලකුණු 156ක ඉලක්කය කඩුලු දෙකක් විතරක් අහිමි කරගෙන,පන්දු 15කුත් ඉතිරි වෙලා තියෙද්දි පහසුවෙන්ම ලබා ගෙන පහසුවෙන්ම තරගය ජයග්‍රහණය කරන්න ඔවුන් සමත් වුණා.
පළවෙනි පන්දුවේ ඉදලා එක අන්තයක නොදැවී කඩුල්ලේ ඉදලා චෙන්නායි ඉනිම ජයග්‍රහණය කරා මෙහෙයවූවේ සංජු සැම්සන්,ඔහුට කාර්තික් ශර්මා අනගි සහයක් අනිත් අන්තයෙන් ලබා දුන්නා.
තරගයේ වීරයා සංජු සැම්සන්.
ලකුණු සටහන
දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 20කදී කඩුලු 7ක් දැවී ලකුණු 155යි.
සමීර් රිස්වි නොදැවී 40,ට්‍රිස්ටන් ස්ටබ්ස් 38,පැතුම් නිස්සංක 19
නූර් අහ්මඩ් 22/3,අකීල් හුසේන් 19/1,ගුර්ජප්නීට් සිංග් 29/1,මුකේෂ් චෞද්‍රි 31/1,ජෙමී ඕවර්ටන් 5/1
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 17.3කදී කඩුලු2ක් දැවී ලකුණු 159යි.
සංජු සැම්සන් නොදැවී 87,කාර්තික් ශර්මා නොදැවී 41,උර්වි පටෙල් 17
අක්සාර් පටෙල් 25/1,ලුන්ගි න්ගිඩි 30/1

