අන්තර් සමාජ තරගාවලියේ අද දිනයේ තරග රැසක් වර්ෂාවට සේදී යයි.

[vc_row][vc_column][vc_column_text]

අතරමග නවතා දමා තිබූ අන්තර් සමාජ තුන්දින තරගාවලිය අද දිනයේ දී යළි ආරම්භ වුණා. ඒ අනුව අද දිනයේදී තරග දහයක් ආරම්භ වුණා.නමුත් තරග 6කටම වර්ෂාවෙන් බාධා එල්ලවීම හමුවේ කිසිදු පන්දුවක් යැවීමට අවස්ථාව හිමි වුණේ නෑ.

කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය හා මීගමුව ක්‍රීඩා ක්‍රිඩා සමාජ අතර පැවැති තරගයේ පළමු දිනය අවසාන වන විට කඩුලු පහළවක් බිඳ වැටී තිබුණා. තරඟයේ පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජයේ සියලු ක්‍රීඩකයින් ලකුණු 117 තුල දැවී ගියා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සහන් කෝසල ලකුණු පනස් එකයි. පන්දු යැවීමේදී මීගමුව ක්‍රීඩා සමාජය වෙනුවෙන් නිෂාන් පීරිස් සහ චනුර ප්‍රනාන්දු කඩුලු 3 බැගින් බිඳ හෙලුවා. මීගමුව ක්‍රීඩා සමාජයේ ද අද දිනය අවසන් වන විට ලකුණු 85 ක් රැස් කළේ කඩුලු 5ක් දැවී තිබියදී. එහිදී ගයාන් සිරිසෝම කඩුලු දෙකක් ද බුද්ධික සංජීව කඩුලු 3ක් බිඳ හෙලුවා.

මුවර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවති තරගයේදී chilaw marians ක්‍රීඩකයන්ගෙන් අර්ධ ශතක තුනක් වාර්තා වුණා. chilaw marians ක්‍රීඩකයන් අද දිනය අවසානයේ දී පන්දුවාර 47 එක් පන්දුවක් තුළ කඩුලු තුනකට ලකුණු 210 ක් රැස් රැස් කිරීමට සමත් වුණා. එහි දී කඩුලු රකින ක්‍රීඩක කසුන් විදුර පන්දු 108ක දී හතරේ පහර 11ක් සමගින් නොදැවී ලකුණු 82ක් ද තරිඳු අමරසිංහ හා විශ්ව චතුරංග ලකුණු 53 බැගින් ද රැස් රැස් කිරීමට සමත් වුණා.

යුද හමුදා ක්‍රීඩා සමාජය සහ සෙබස්තීයනයිට්ස් ක්‍රීඩා සමාජය අතර පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් යුධ හමුදා ක්‍රීඩා සමාජය අද දිනය අවසන් වන විට පන්දුවාර 35 යි පන්දු දෙකක් තුළ කඩුලු 4ක් දැවී ලකුණු 92ක් රැස්කළා. ගාල්ල ක්‍රීඩා සමාජයට එරෙහිව පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් BRC ක්‍රීඩා සමාජය අද දිනය අවසන් වන විට පන්දුවාර 56 තුළ කඩුලු 3ක් දැවී ලකුණු 174 ක් රැස් කොට තිබුණා. එහිදී දුලාෂ් උදයංග පන්දු 66කදී හතරේ පහර හයක් සමගින් නොදැවී ලකුණු 48ක් රැස් කළා.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top