රාජස්ථානය පැරදවූ දිල්ලිය!

2026 IPL තරගාවලියේ 62වෙනි තරගය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර ඊයේ පැවැත්වුණා.එම තරගය කඩුලු 5කින් ජයගැනීමට දිල්ලි කැපිටල්ස් සමත් වුණා.

තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 193ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.පන්දුවාර 15ක් තුළ ලකුණු 161ක්‍ රැස්කරමින් ලකුණු 200ට වැඩි ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට හැකියාව තිබූ රාජස්ථාන් ඉනිම අඩපණ කිරීමට මිචෙල් ස්ටාර්ක් සමත් වුණා.රියන් පරග්ගේ කඩුල්ලත් සමග ලකුණු 30ක් තුළ බිද වැටුණු රාජස්ථාන් කඩුලු 5න් 4ක්ම ලකුණු 12ක් තුළ බිද හෙලීමට ස්ටාර්ක් සමත් උනා.

ලකුණු 194ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි දිල්ලි ඉනිමට සුපිරි ආරම්භයක් ලබා දීමට අභිෂේක් පෝරෙල් සහ ලෝකේෂ් රාහුල් සමත් වුණා.ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 105ක සබදතාවයක් ගොඩ නැගුවා.ඉන් පසු අක්ෂාර් පටෙල්ගේ සහ අශුතෝෂ් ශර්මාගේ වේගවත් ඉනිම් සමගින් පන්දු 4ක්ම ඉතිරිව තිබියදී ලකුණු 197ක් ලබාගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමද තවමත් තරගාවලියෙන් නිල වශයෙන්ම ඉවත් වී නොමැති අතර Play-offs වටයට පිවිසීමට ඔවුන්ටද තවමත් අවස්ථාව තිබේ.

තරගයේ ලකුණු සටහන

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8කට ලකුණු 193යි.

ධෘව් ජුරෙල් 53(40),රියන් පරග් 51(26),වෛබව් සූර්යවංශි 46(21)
මිචෙල් ස්ටාර්ක් 40/4,ලුන්ගි න්ගිඩි 24/2,මාධව් ටිවාරි 27/2

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 19.2කදී කඩුලු 5ක් දැවී ලකුණු 197යි.

ලෝකේෂ් රාහුල් 56(42),අභිෂේක් පෝරෙල් 51(31),අක්ෂාර් පටෙල් නොදැවී 34
ජොෆ්රා ආචර් 35/2,බ්‍රිජේෂ් ශර්මා 44/2,දසුන් ශානක 29/1

Back To Top