ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් සංචාරයට දින නියමවේ!

ශ්‍රී ලංකා පිරිමි ජාතික කණ්ඩායම මේ වසරේ ජුනි සහ ජුලි මාසවලදී බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල සංචාරයක නිරත වීමට නියමිතව සිටි අතර එම තරගාවලියේ කාලසටහන මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.ශ්‍රී ලංකා පිරිමි ජාතික කණ්ඩායම කොදෙව් සංචාරයක නිරත වන්නේ වසර 5කට පසුවයි.

මෙම තරග සංචාරයට එක්දින තරග තුනක්,විස්සයි විස්ස තරග 3ක් සහ ටෙස්ට් තරග දෙකක් ඇතුළත්ව තිබෙනවා,එක්දින සහ විස්සයි විස්ස තරග වලට පසු ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට නියමිතයි. ටෙස්ට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සිව්දින පුහුණු තරගයකට කූලිජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සහභාගී වීමටද නියමිතයි.එක්දින සහ විස්සයි විස්ස තරග සබීනා පාර්ක්හීදී පැවැත්වෙන අතර ටෙස්ට් තරග ශ්‍රීමත් විවියන් රිචර්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරග කාලසටහන

එක්දින තරගාවලිය
පළමු තරගය – ජුනි 3
දෙවෙනි තරගය – ජුනි 6
තුන්වන තරගය – ජුනි 8

විස්සයි විස්ස තරගාවලිය
පළමු තරගය – ජුනි 11
දෙවෙනි තරගය – ජුනි 13
තුන්වෙනි තරගය – ජුනි 14

සිව්දින පුහුණ තරගය – ජුනි 8 සිට 21 දක්වා

ටෙස්ට් තරගාවලිය
පළමු තරගය – ජුනි 25 සිට 29 දක්වා
දෙවෙනි තරගය – ජුලි 3 සිට 7 දක්වා

Back To Top