අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මාසිකව තෝරාගනු ලබන එම මාසයේ දක්ෂතම ක්‍රීඩිකාවන් තිදෙනා අතර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මුල්පෙළ පිතිකාරිණියක වන ඉමේෂා දුලානි තේරීපත්ව තිබෙනවා.
24වන වියේ පසුවන ඉමේෂා පසුගිය දිනවල බංග්ලාදේශයේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව දැක් වූ පිතිකරණ දක්ෂතාමතයි ඇයව මෙම නාමයෝජනා තුන අතරට තෝරාගෙන ඇත්තේ.
ඇය විසින් අප්‍රේල් මාසයේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව එක්දින තරග තුනකදී අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 116ක් සහ විස්සයි විස්ස තරග තුනකදී එක් අර්ධ ශතකයක් සමග ලකුණු 82ක්ද රැස් කිරීමට සමත් වුණා.
ඇය සමග අප්‍රේල් මාසයේ දක්ෂතම ක්‍රීඩිකාව සම්මානයට නිර්දේශ වූ අනෙකුත් ක්‍රීඩිකාවන් වන්නේ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමේ නායිකා ලෝරා වොල්වාඩ් සහ බ්‍රසීලයේ ලෝරා කාඩොසෝය.

