2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින්ට ලියාපදිංචි වීම සඳහා මැයි 8 සිට මැයි 20 වැනිදා දක්වා අවස්ථාව ලබාදී තිබූ අතර ඒ අනුව විදෙස් ක්‍රීඩකයින් 650කට අධික සංඛ්‍යාවක් මෙවර තරගාවලිය සඳහා ලියාපදිංචි වී ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියා.
ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් 21ක ක්‍රීඩකයින් මෙලෙස ලියාපදිංචි වී සිටීම විශේෂත්වයක්.
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා වැඩිම ක්‍රීඩකයන් පිරිසක් ලියාපදිංචි වී ඇත්තේ පාකිස්තානයෙන් වන අතර එම සංඛ්‍යාව 102ක්.
ඊට අමතරව බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රීඩකයින් 75ක්, දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් 66ක්, බංග්ලාදේශ ක්‍රීඩකයින් 48ක් සහ නවසීලන්ත ක්‍රීඩකයින් 41ක්,ඕස්ට්‍රේලියාවෙන් ක්‍රීඩකයින් 24ක්, එංගලන්තයෙන් ක්‍රීඩකයින් 15ක් සහ ඉන්දියාවෙන් ක්‍රීඩකයින් 12 දෙනෙකු ද මෙවර ක්‍රීඩක කෙටුම්පත සඳහා ඉදිරිපත් වීමට ලියාපදිංචි වී තිබෙනවා.
කෙසේ වෙතත්, ලැබී ඇති අයදුම්පත් 650කට අධික සංඛ්‍යාව පිරික්සුම් ක්‍රියාවලියකට යොමුකිරීමෙන් අනතුරුව ඉන් ක්‍රීඩකයින් 310 දෙනෙකු පමණක් අවසන් ලැයිස්තුවට ඇතුළත් කිරීමට නියමිතයි.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජුලි 17 වෙනිදා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

