ශ්‍රී ලංකා ජයග්‍රහණයකින් CAVA අවසන් කරයි

ේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වෙන මධ්‍යම ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ අවසන් තරගයේදී මාලදිවයින කණ්ඩායම පරාජය කිරීනට සමත් වුණා.

ඉරාන සහ කසකස්ථාන තරගය පරාජය වීමත් සමග මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ බලාපොරොත්තු ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගිය අතර බංග්ලාදේශ තරගය සහ මාලදිවයින් තරග ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

මාලදිවයින් කණ්ඩායම සමග පැවති තරගය වට 3-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර තරග වට තුනේ සාරාංශය මෙසේයි.

පළමු වටය – 25 : 17
දෙවෙනි වටය – 25 : 18
තුන්වෙනි වටය – 25 : 13

Back To Top