සාෆ් යන කාන්තා පාපන්දු සංචිතය නම් කෙරේ!

2026 දකුණු ආසියානු පාපන්දු තරගාවලියට යන ශ්‍රී ලංකා කාන්තා පාපන්දු සංචිතය නම් කර තිබෙනවා.

ක්‍රීඩිකාවන් 23 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය ඉමේෂා වර්ණකුලසූරිය හට හිමිව තිබේ.

මෙම තරගාවලිය මැයි 25වෙනිදා සිට ජුනි 7වෙනිදා දක්වා ඉන්දියාවේ ගෝආහීදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය : ඉමේෂා වර්ණකුලසූරිය (නායිකා),අචලා එස්.පෙරේරා,මදුමාලි සෝමරත්න,එස්.විත්තියාලනී,එස්.යුවරාණි,තුෂානි මදුෂිකා,නවංජනා පෙරේරා,පී.ශානු,පාරමී රත්නායක,අශානි අනුරාධිනී (GK),හෂිනි රත්නායක,ලෝචනා සූරියාරච්චි,එස්.තර්මිකා,තරිදි වැලිවිට,සදුනි සෙව්මිණි,රශ්මි දේවින්දි,හර්ෂනී රූපසිංහ (GK),ජේ.ලයන්සිකා,තරුෂිකා දිල්ෂානි (GK),ගගනි ගයත්මා,ආතිකා අස්ෆර්,සසිදි නිම්සරා,වයි.උමාසන්කවි

ප්‍රධාන පුහුණුකරු ලෙස අහ්මඩ් අල්-මන්නායි කටයුතු කරනු ඇති.

Back To Top