SABA දෙවෙනි දවසේ වැඩි වාසිත් ශ්‍රී ලංකාවට!

2026 FIBA ආසියානු කුසලානයට සුදුසුකම් ලැබීමේ SABA තරගාවලියේ දෙවෙනි දිනය ඊයේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී නිමාවුණේ ශ්‍රී ලංකාවට වැඩි ගෞරවයක් හිමි කරදෙමින්.

පිරිමි අංශයේ සිව්වන තරගයේදි ශ්‍රී ලංකා කණ්ඩායම සහ මාලදිවයින් කණ්ඩායම් තරග වැදුණු අතර එම තරගයේද වැඩි ආධිපත්‍යයක් පෙන්වමින් පහසුවෙන් තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.ඒ ලකුණු 132-42ක් ලෙස තරගය ජයගනිමින්.

කාර්තු අවසානයේ ලකුණු සටහන් :

•⁠ ⁠පළමු කාර්තුව – ශ්‍රී ලංකාව 26 : මාලදිවයින 07
•⁠ ⁠දෙවන කාර්තුව – ශ්‍රී ලංකාව 68 : මාලදිවයින 16
•⁠ ⁠තුන්වන කාර්තුව – ශ්‍රී ලංකාව 101 : මාලදිවයින 26
•⁠ ⁠සිව්වන සහ අවසන් කාර්තුව – ශ්‍රී ලංකාව 132 : මාලදිවයින 42

කාන්තා අංශයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවෙනි තරගයට ඔවුන් සහභාගී වූ අතර එම තරගය ලකුණු 74-44ක් ලෙස ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කාර්තු අවසානයේ ලකුණු සටහන් :

•⁠ ⁠පළමු කාර්තුව – ශ්‍රී ලංකාව 11 : ඉන්දියාව 21
•⁠ ⁠දෙවන කාර්තුව – ශ්‍රී ලංකාව 15 : ඉන්දියාව 50
•⁠ ⁠තුන්වන කාර්තුව – ශ්‍රී ලංකාව 32 : ඉන්දියාව 61
•⁠ ⁠සිව්වන සහ අවසන් කාර්තුව – ශ්‍රී ලංකාව 44 : ඉන්දියාව 74

මෙම තරගාවලියේ තුන්වෙනි දිනය අදයි.

Back To Top