උස්බෙකිස්තානයේදී ආරම්භ වූ මධ්‍යම සහ දකුණු ආසියානු රග්බි සෙවන්ස් තරගාවලියේ ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් තරග දෙක බැගින් ක්‍රීඩා කළා.
ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා රග්බි සෙවන්ස් කණ්ඩායම සහභාගී වූ පළමු තරගයෙන් කසකස්තානයට එරෙහිව ලකුණු 12-5ක ජයක් සහ දෙවෙනි තරගයෙන් කිර්ගිස්තාන කණ්ඩායමට එරෙහිව ලකුණු 77-0ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුණා.තුන්වෙනි තරගය මොංගෝලියානු කණ්ඩායමට එරෙහිව ලකුණු 44-0ක් ලෙස ජයග්‍රහණය කරමින් අපරාජිතව පළමු දිනය අවසන් කරා.
ශ්‍රී ලංකා පිරිමි රග්බි සෙවන්ස් කණ්ඩායමද පළමු තරගයේදී කිර්ගිස්ථානය පරදවමින් ලකුණු 54-5ක ජයග්‍රහණයක් සහ දෙවෙනි තරගයේදී මොංගෝලියානු කණ්ඩායමට එරෙහිව ලකුණු 43-5ක ජයක් ලබා ගැනීමට සමත් වුණා.තුන්වෙනි තරගයේදි මුණ ගැසුණු පාකිස්තාන කණ්ඩායම 41-0ක් ලෙස පරාජය කිරීමටද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
හෙට තරගාවලියේ දෙවෙනි දවසයි.

