උස්බෙකිස්තානයේදී පැවැත්වෙන මධ්‍යම සහ දකුණු ආසියානු රග්බි සෙවන්ස් තරගාවලියේ දෙවෙනි දිනයේ තරග සහ අවසන් මහා තරග අද පැවැත්වුණා.
අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටි ශ්‍රී ලංකා පිරිමි රග්බි සෙවන්ස් කණ්ඩායම මූලික වටයේ තරග ලෙස උස්බෙකිස්තානයට එරෙහිව ක්‍රීඩා කළ තරගයෙන් ලකුණු 29-7ක ජයක් සහ ඉන්දියාවට එරෙහිව 33-12ක ජයක් ලබමින් අපරාජිතව අවසන් මහා තරගයට පිවිසීමට සමත් වුණා.
කුසලාන අවසන් මහා තරගයේදී නැවතත් ඉන්දීය කණ්ඩායම 33-10ක් ලෙස පරාජයට පත් කරමින් ශූරතාවය දිනා ගැනීමට සමත් වුණා.
ශ්‍රී ලංකා කාන්තා රග්බි සෙවන්ස් කණ්ඩායමද අවසන් මහා තරගයට පෙර මූලික වටයේ තරග දෙකකට සහභාගී වූ අතර එහිදී 12-12ක් ලෙස උස්බෙකිස්තාන තරගය සමතත්වයෙන් අවසන් කිරීමට සමත් වූ අතර ඉන්දියාවට එරෙහි තරගය 24-19ක් ලෙස පරාජයට පත්වීමට සිදු උනා.
කෙසේවෙතත් අවසන් මහා තරගයේදී කසකස්තානය ලකුණු 27-0ක් ලෙස පරාජයට පත් කරමින් කාන්තා කුසලාන ශූරතාවය දිනා ගැනීමට සමත් වුණා.

