Category: National Cricket

පාකිස්තාන යෞවනයන් දෙවන එක්දින තරගය ජය ගනී

ශ්‍රී ලංකා වවයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර දෙවන එක්දින තරගය ඊයේ කරච්චිහිදී පැවැත්විණි. තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්තානය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළහ. ඒ අනුව පිටියට පිවිසෙන ඔවුන් පන්දුවාර 46 පන්දු 5ක් තුළ කඩුලු 10ම දැවී ලකුණු 254ක් රැස්කිරීමට සමත් විය. එහිදී අරෆට් මින්හාස් පන්දු 66කදී […]

මහීෂ් තීක්ෂණ එංගලන්ත තරගයට ක්‍රීඩා කිරීමට සූදානමින්

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ, එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේදී තේරීම් සදහා එක්වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළ බැංගලෝර් හි පැවති ශ්‍රී ලංකා පුහුණු සැසියෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දකවමින්. මහේෂ් තීක්ෂණ නෙදර්ලන්ත තරගයෙන් පසු ස්කෑන් පරීක්ෂණයකට භාජනය කරන ලද අතර ආබාධ තත්වය […]

මතීෂ වෙනුවට ඇන්ජි ශ්‍රී ලංකා සංචිතයට

ආබාධයට ලක්වූ වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජිලෝ මැතිව්ස් ශ්‍රී ලංකා සංචිතයට එක් කොට ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මැතිව්ස්ගේ නම අද දිනයේදී ICC ඉසව් තාක්ෂණික කමිටුව වෙත යවා ඇත. ICC බොහෝ විට අද දිනය තුළ එය අනුමත කිරීමට ඉඩ ඇත. ආදේශක ක්‍රීඩකයෙකු ලෙස ඇන්ජිලෝ මැතිව්ස් පසුගිය සතියේ ඉන්දියාවට පැමිණි අතර […]

චමීරයි, ඇන්ජියි කණ්ඩායමට ආපු එක ගොඩක් වටිනවා – සදීර සමරවික්‍රම

මෑත කාලීනව ශ්‍රී ලංකා කණ්ඩායම තරග ජයග්‍රහණය කරා රැගෙන යාමට සුවිශේෂී කාර්‍යභාරයක් ඉටුකරන්නට සදීර සමරවික්‍රම සමත් වුණා. ඊයේ දිනයේ බැංගලෝර්හිදී පැවති පුහුණුවීම් අතරතුරදී සදීර සමරවික්‍රම Ceylon Sports වෙත මෙලෙසින් අදහස් දැක්වූවා. හොද රිද්මයකින් ලකුණු ලබාගැනීමට හැකිවීම ගැන මොකද හිතෙන්නේ?ඇත්තටම සතුටුයි මොකද ලෝක කුසලානයක මේ වගේ දක්ෂතා දක්වන්න ලැබීම ගැන. කණ්ඩායමක් විදියට සෙල්ලම් කරද්දි මගේ දක්ෂතා […]

මතීෂ ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට

දකුණු උරහිසේ ආබාධයට ලක්ව සිටින වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කොට තිබෙනවා. ඔහුව ශ්‍රී ලංකා සංචිතයෙන් නිදහස් කරන ලෙස කණ්ඩායම් කළමණාකාරීත්වය ලෝක කුසලාන තාක්ෂණික කමිටුවෙන් ඉල්ලීමක් සිදු කළ අතර ඊට අනුමැතිය හිමි වීමත් සමග මතීෂ ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කෙරිණි. ඒ අනුව මතීෂ පතිරණ අද රාත්‍රියේ දී මෙරටට පැමිණීමට නියමිතය. මතීෂ […]

පුලිදු පෙරේරාගේ විශිෂ්ට ශතකය ශ්‍රී ලංකා යොවුන් පිළට ජය කැන්දයි

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පළමු එක්දින තරගය අද පැවැත්විණි. කරච්චි හිදී පැවති තරගයේ කාසිය වාසිය පරාජයට පත් වුවද පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි විය. ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දු 49 එක් පන්දුවකදී සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 309ක් රැස්කිරීමට සමත් […]

පවන් රත්නායකගේ ප්‍රහාරාත්මක ඉනීම නැගී එන පිළට පහසු ජයක් උරුම කරයි

බංග්ලාදේශ නැගී එන කණ්ඩායම හා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අතර තෙවන එක්දින තරගය අද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කාසිය වාසිය දිනූ අහන් වික්‍රමසිංහ පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කළේය. ඒ අනුව පිටියට පිවිසෙන බංග්ලාදේශ නැගී එන කණ්ඩායමට පන්දුවාර 47ක් අවසානයේ සියලු ක්‍රීඩකයන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 223ක් පමණයි බංග්ලාදේශය වෙනුවෙන් ශහදත් හුසේන් […]

ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගය පාකිස්තාන යොවුන් පිළ පහසුවෙන් ජය ගනී

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පළමු හා එකම ටෙස්ට් තරගය 15 වනදා කරච්චිහිදී ආරම්භ වුණා. කාසිය වාසිය දිනු පාකිස්තානය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 433 ක් රැස් කොට සිටියදී ඉනීම අත්හිටුවීමට තීරණය කළා. […]

අශේන්, එෂාන් පන්දුවෙන් දස්කම් පාද්දී අහන්, නවෝද් හා ෂමාස්ගෙන් අර්ධ ශතක තුනක්

බංග්ලාදේශ නැගී එන කණ්ඩායම සහ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අතර පළමු එක්දින තරගය අද දඹුල්ලේ දී පැවැත්වුණා. තරගයේ කාසිය වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට අවතීර්ණ වූ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පන්දුවාර 48 පන්දුවක් අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 245ක් රැස් කිරීමට සමත් වුණා. පන්දුවාර 48 […]

Back To Top