Category: News

ඉන්දු ශ්‍රී ලංකා තරගයේදී ප්‍රේක්ෂකයන්ට තෑගි

නොවැම්බර් මස 2 වැනිදා මුම්බායි හි වැන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 33 වැනි තරගයේදී සෑම රසිකයෙකුටම නොමිලේ පොප්කෝන් සහ සිසිල් බීම ලබා දීමට මුම්බායි ක්‍රිකට් සංගමය තීරණය කර ඇත. එම තරගය ප්‍රබල ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙයි. නිවේදනයක් නිකුත් කරමින් MCA සභාපති අමෝල් කේල් කියා සිටියේ රසිකයින්ට ඔවුන්ගේ ප්‍රවේශපත්‍ර […]

තරගාවලි වාර්තාව ද සිය නාමය ඉදිරියේ ලියවාගත් සමිත දුලාන් රිදී පදක්කම ජය ගනී

චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී රිදී පදක්කමක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක සමිත දුලාන් අද දිනයේදී සමත් වුණා. ඒ සමිත F64 හෙල්ල විසිකිරීමේ ඉසව්ව යටතේ තරග බිමට පිවිසෙමින්. මෙම තරගය F64 කාණ්ඩයෙන් පැවති අතර එහිදී F64, F63, F44, F43 යන කාණ්ඩවල ක්‍රීඩකයන් ද තරග ඉසව්ව වෙනුවෙන් සහභාගී විය. සමිත මෙහිදී රිදී පදක්කම හිමි කරගත්තද […]

පාකිස්තාන යෞවනයන් දෙවන එක්දින තරගය ජය ගනී

ශ්‍රී ලංකා වවයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර දෙවන එක්දින තරගය ඊයේ කරච්චිහිදී පැවැත්විණි. තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්තානය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළහ. ඒ අනුව පිටියට පිවිසෙන ඔවුන් පන්දුවාර 46 පන්දු 5ක් තුළ කඩුලු 10ම දැවී ලකුණු 254ක් රැස්කිරීමට සමත් විය. එහිදී අරෆට් මින්හාස් පන්දු 66කදී […]

මහීෂ් තීක්ෂණ එංගලන්ත තරගයට ක්‍රීඩා කිරීමට සූදානමින්

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ, එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේදී තේරීම් සදහා එක්වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළ බැංගලෝර් හි පැවති ශ්‍රී ලංකා පුහුණු සැසියෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දකවමින්. මහේෂ් තීක්ෂණ නෙදර්ලන්ත තරගයෙන් පසු ස්කෑන් පරීක්ෂණයකට භාජනය කරන ලද අතර ආබාධ තත්වය […]

ආසියානු තරගාවලි වාර්තාවද සමගින් ප්‍රදීප් සෝමසිරිට රන් පදක්කමක්

චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී රන් පදක්කමක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ප්‍රදීප් සෝමසිරි අද දිනයේදී සමත් වුණා. ඒ මීටර් 1500 තරග ඉසව්වේ T46 කාණ්ඩය යටතේ පැවති තරගය ජයග්‍රහණය කරමින්. ප්‍රදීප් සෝමසිරි මෙම තරග ඉසව්ව අවසන් කිරීමට මිනිත්තු 5 තත්පර 5.14ක කාලයක් වැය කළ අතර එය නව ආසියානු ක්‍රීඩා තරගාවලි වාර්තාවක් බවටද පත් විය. […]

ජයසූරිය සතුව තිබූ වාර්තාවක් ඩිකොක්ගේ නමට ලියැවෙයි

මුම්බායි හි වැන්කඩේ ක්‍රීඩාංගණයේ වසර 26ක් ඉපැරැණි වාර්තාවක් බිදහෙලන්නට ක්වින්ටන් ඩි කොක් අද දිනයේදී සමත් විය. ඒ මුම්බායිහි වැන්කඩේ ක්‍රීඩාංගණයේදී පිතිකරුවකු විසින් එක්දින ඉනීමක රැස්ජළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් ඩිකොක් බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ලකුණු 174ක් රැස්කිරීමට සමත් වූ අතර පන්දු 140කදී හතරේ පහර 15ක් හා හයේ පහර 7ක් සමගින් එම ලකුණු 144 රැස්කිරීමට ඔහු […]

මතීෂ වෙනුවට ඇන්ජි ශ්‍රී ලංකා සංචිතයට

ආබාධයට ලක්වූ වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජිලෝ මැතිව්ස් ශ්‍රී ලංකා සංචිතයට එක් කොට ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මැතිව්ස්ගේ නම අද දිනයේදී ICC ඉසව් තාක්ෂණික කමිටුව වෙත යවා ඇත. ICC බොහෝ විට අද දිනය තුළ එය අනුමත කිරීමට ඉඩ ඇත. ආදේශක ක්‍රීඩකයෙකු ලෙස ඇන්ජිලෝ මැතිව්ස් පසුගිය සතියේ ඉන්දියාවට පැමිණි අතර […]

ආසියානු තරගාවලි වාර්තාව අලුත් කළ නුවන් ඉන්දික ලක්මාතාව රනින් සරසයි

චීනයේ පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා තරගාවලියේ දී රන් පදක්කමක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක නුවන් ඉන්දික අද දිනයේදී සමත් වුණා. ඒ මීටර් 100 තරග ඉසව්වේ T44 කාණ්ඩය යටතේ පැවති අවසන් මහා තරගය ජයග්‍රහණය කරමින්. නුවන් ඉන්දික මෙම තරගය අවසන් කිරීමට තත්පර 11.63ක කාලයක් වැය කළ අතර එය නව ආසියානු පැරා ක්‍රීඩා තරගාවලි වාර්තාවක් බවටද පත් […]

චමීරයි, ඇන්ජියි කණ්ඩායමට ආපු එක ගොඩක් වටිනවා – සදීර සමරවික්‍රම

මෑත කාලීනව ශ්‍රී ලංකා කණ්ඩායම තරග ජයග්‍රහණය කරා රැගෙන යාමට සුවිශේෂී කාර්‍යභාරයක් ඉටුකරන්නට සදීර සමරවික්‍රම සමත් වුණා. ඊයේ දිනයේ බැංගලෝර්හිදී පැවති පුහුණුවීම් අතරතුරදී සදීර සමරවික්‍රම Ceylon Sports වෙත මෙලෙසින් අදහස් දැක්වූවා. හොද රිද්මයකින් ලකුණු ලබාගැනීමට හැකිවීම ගැන මොකද හිතෙන්නේ?ඇත්තටම සතුටුයි මොකද ලෝක කුසලානයක මේ වගේ දක්ෂතා දක්වන්න ලැබීම ගැන. කණ්ඩායමක් විදියට සෙල්ලම් කරද්දි මගේ දක්ෂතා […]

ඇෆ්ගනිස්ථානය හමුවේ පාකිස්තානයට අනපේක්ෂිත පරාජයක්

එක්දින ලෝක කුසලාන තරගාවලියේ තවත් එක් තරගයක් අද දිනයේදී පැවැත්විණි. චෙන්නායිහි MA චිදම්බරම් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේදී මුණ ගැසුණේ ඇෆ්ගනිස්තානය හා පාකිස්තාන කණ්ඩායම් යුගලයි. තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්තාන නායක බාබර් අසාම් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසෙන පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කිරීමට සමත් වූයේ ලකුණු […]

මතීෂ ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට

දකුණු උරහිසේ ආබාධයට ලක්ව සිටින වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කොට තිබෙනවා. ඔහුව ශ්‍රී ලංකා සංචිතයෙන් නිදහස් කරන ලෙස කණ්ඩායම් කළමණාකාරීත්වය ලෝක කුසලාන තාක්ෂණික කමිටුවෙන් ඉල්ලීමක් සිදු කළ අතර ඊට අනුමැතිය හිමි වීමත් සමග මතීෂ ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කෙරිණි. ඒ අනුව මතීෂ පතිරණ අද රාත්‍රියේ දී මෙරටට පැමිණීමට නියමිතය. මතීෂ […]

මාලිංග මුම්බායි යද්දී ෂේන් බෝන්ඩ් රාජස්ථාන් වේගපන්දුව බාර ගනී.

මාලිංග මුම්බායි යද්දී බෝන්ඩ් රාජස්ථාන් වේගපන්දුව බාර ගනී. හිටපු නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක ෂේන් බොන්ඩ් 2024 වාරයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ සහය පුහුණුකරු සහ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන බව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අද දිනයේදී නිවේදනය කළහ. රෝයල්ස් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස අවස්ථා දෙකක් සේවය කිරීමෙන් පසු මුම්බායි ඉන්දියන්ස් වේගපන්දු පුහුණුකරු ධූරයට පත් වූ ලසිත් මාලිංග […]

Back To Top