කැනෝයිං සහ කායාකිං (Canoeing and Kayaking ) , ඔරු පැදීම (rowing ) , යාත්‍රා කිරීම ( Sailing ), සර්ෆින් කිරීම ( Surfing ) යන සම්මේලන 04 හි සාමාජිකයින් හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අතර හමුවක් අද (27) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැත්විණි. ඉදිරියේ දී මෙරට තුළ ජාතික ජල ක්‍රීඩා […]
වේගවත්ම ජාතික ශූරයා වූ කවුද මේ යෝධසිංහ ?
2000 වර්ෂයේ ජනවාරි මස 28 දින පේරාදෙණියේ දී උපත ලැබූ ඔහු නමින් චමෝද් මහිංසස යෝධසිංහ නම් වේ.කෑගල්ල දොරවක සිරිනිවාස මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ මොහු පසුව උසස් අධ්‍යාපනය සහ මලල ක්‍රීඩා හැකියාව දියුණු කර ගැනීමේ අදිටනින් 2014 වර්ෂයේදී කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයට ඇතුළත් වන්නේ ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරුවෙකු වන ලලිත් ලියනගේ මහතාගේ අධීක්ෂණත් සමගයි. කුඩා […]
ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනයට නව සභාපතිවරයෙක්.
2013 අංක 33 දරණ ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත III කොටස මගින් පිහිටුවා ඇති, ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් ආචාර්ය දුෂාන් ලලීෂ කහටපිටිය, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අතින් අද (23) දින තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී සිය පත්වීම් ලිපිය භාර ගන්නා ලදී. […]
කබඩි පිරිමි අංශයේ ශුරතාව ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමට
ජාතික කබඩි තරගාවලියේ පිරිමි අංශයේ ශුරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සමත්වුණා. එහි කාන්තා ශූරතාව දිනා ගත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. ශ්‍රී ලංකා කබඩි සම්මේලනය විසින් සංවිධාන කරන ලද ජාතික කබඩි තරගාවලිය පැවැත්වුණේ පනාගොඩ යුද හමුදා ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදි. පිරිමි අවසන් තරගයට යුද හමුදා කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායම සුදුසුකම් ලබා සිටියා. එහිදි […]
ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ ශූරතාව මහනුවරට
ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට මහනුවර කණ්ඩායම අද සමත් වුණා. ඔවුන් මෙම ශුරතාව දිනූ 22 වැනි අවස්ථාව මෙයයි. මහනුවර සහ සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම් අතර අවසන් තරගය අද පැවැත්වුණේ මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී. ආරම්භයේ සිටම දෙපිලම තියුණු තරගයක නිරතවූ අතර, පළමු අර්ධයේදී මහනුවර ක්‍රීඩකයින් ලකුණු 17 ක් රැස් කළා. සීආර් ක්‍රීඩකයින් […]
අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ තරග උණුසුම් වෙයි
අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගවලින් ජය හිමිකර ගැනීමට දිල්ලි කැපිටල්ස් සහ රාජස්ථාන් රෝයලස් යන කණ්ඩායම් සමත්වුණා. දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තරග වැදුණේ, චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම සමගයි. එම තරගය පැවැත්වුණේ, චෙන්නායිහි දී. පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම,පන්දුවාර 20 ඇතුළත කඩුලු 6 ක් දැවී ලකුණු 183 ක් රැස් කළා. කේ එල් රාහුල් ලකුණු […]
ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුව යළිත් ශම්මි සිල්වාට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025-27 කාල සීමාව සඳහා වන නිළවරණය අද දිනයේ දී පැවැත්වුණා. එහිදී අඛණ්ඩව සිව්වන වරටත් ක්‍රිකට් සභාපතිවරයා බවට පත්වන්නට හිටපු සභාපති ශම්මි සිල්වා මහතාට හැකියාව ලැබුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් 64 වනි වාර්ෂික මහා සමුළුවේදී මෙම නිළවරණය පැවති අතර ශම්මි සිල්වා මහතා නිතරගයෙන්ම සභාපති ධූරයට පත්වුණා.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයකින් තොරව අවසන් කරයි
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර තෙවන සහ අවසන් 20-20 තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුවා. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්ත කාන්තා කණ්ඩායමට ලබාදුන් අතර, ඒ අනුව ඔවුන් පන්දුවාර 14යි එක් පන්දුවක් තුළ කඩුලු 3ක් දැවී ලකුණු 101ක් ලබා සිටිය දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල […]
“ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් 20 – 20” ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට ඉන්දියාව
“ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් 20 – 20” ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දිය කණ්ඩායම සමත්වුණා. ඒ, පළමු අවසන් පූර්ව තරගයේ දී ඕස්ට්‍රේලියාව පරාජය කරමින්. තරගය පැවැත්වුණේ, ඉන්දියාවේ රායිපූර්හි දී. කාසියේ වාසිය දිනු ඕස්ට්‍රේලියා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබා දුන්නා. ඒ අනුව, ඉන්දියාව පන්දුවාර 20 ඇතුළත කඩුලු 7 ක් දැවී රැස් කළ ලකුණු […]
පළමු තරගයේ ජය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති පළමු 20-20 තරගය, කඩුලු 7 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත් වුණේ, නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හිදී. තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලනත්ය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව, ඔවුන් පන්දුවාර 18 යි පන්දු 5 කදී සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 101 ක්. එමා මැක්ලීඩ් […]
තර්ස්ටන් – ඉසිපතන හතළිස් පස්වන එක්දින මහා තරගයේ ජය තර්ස්ටන් විදුහල්ට
කොළඹ තර්ස්ටන් – ඉසිපතන හතළිස් පස්වන එක්දින මහා තරගයේ ජය අත්කර ගැනීමට තර්ස්ටන් විදුහල් කණ්ඩායම සමත් වුණා.එක්දින තරඟය අද පැවැත්වුණේ කොළඹ පී සරා ක්‍රීඩා පිටියේදී. මුලින් පන්දුවට පහර දුන් තර්ස්ටන් කණ්ඩායම නියමිත පන්දු වාර පනහේදී කඩුලු 4 දැවී ලකුණු 308ක් රැස් කළා.දිනාල් ඉඳුවර ලකුණු 115යි.තනුජ රාජපක්ෂ 67 ක් සහ විහාස් තෙව්මික 52 ක් ලබා ගත්තා. පිළිතුරු […]
ශාන්ත තෝමස් විද්‍යාලය මහා සටන ජය ගනී
ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර පැවැති 146 වැනි නිල් මහ සටන මහා ක්‍රිකට් තරගය කඩුලු 05කින් ජය ගැනීමට අද ශාන්ත තෝමස් විද්‍යාලය සමත් වුණා.මෙම තරගය තෙදිනක් පුරාවට පැවැත්වුණේ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. මෙරට පාසල් ක්‍රිකට් ඉතිහාසයේ පැරණිතම මහ ක්‍රිකට් තරගය මෙයයි.තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ රාජකීය විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 319ක් […]

