අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නියෝජ්‍ය සභාපති ඉම්රාන් ක්වාජා (Imran Khwaja) ඇතුළු ඉහළ පෙළේ ICC නියෝජිත පිරිසක් ලංකාවට පැමිණ තිබෙනවා.
ඔවුන් මැයි 15 සිකුරාදා රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඇතුළු විධායක කමිටුව ඉල්ලා අස්වීමෙන් පසු, ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය සඳහා “ක්‍රිකට් පරිවර්තන කමිටුව” (Cricket Transformation Committee) නමින් පත් කළ නව අතුරු පාලක මණ්ඩලයේ තත්ත්වය සහ ක්‍රිකට් පරිපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව සොයා බැලීම සඳහායි මෙම ICC නියෝජිත පිරිස ලංකාවට පැමිණ තිබෙන්නේ.

