ඉන්සමාම් උල් හක්ට හෘදයාබාධයක්

[vc_row][vc_column][vc_column_text]පාකිස්තාන හිටපු නායක මෙන්ම විශිෂ්ට පිතිකරුවකු වූ ඉන්සමාම් උල් හක් ලාහෝර්හිදී හටගත් හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කොට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත. ඊයේ සවස හිටපු පාකිස්තාන නායකයාට ඉතා සාර්ථකව Angioplasty නැමති සැත්කම සිදුකොට ඇති බවද එම මාධ්‍ය වාර්තා වල සදහන්ය.

1992ලෝක ශූර පාකිස්තාන කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ඉන්සමාම් උල් හක් පසුගිය දින තුනක කාලසීමාව තුළ පපුවේ වේදනාවකින් පෙළී ඇති බව සදහන්ය. ඊයේ දිනයේදී සිදුකළ පරීක්ෂණ වලින් හෙලි වූයේ ඔහු හෘදයාබාධයකට ගොදුරු වී ඇති බවයි. ඒ හේතුවෙන් ඔහුව රෝහල් ගතකොට සැත්කම සිදු කොට ඇත. මේ වන විට ඔහු වෛද්‍ය අධීක්ෂණය යටතේ හොද තත්වයකින් පසුවන බවට Espncricinfo වෙබ් අඩවිය වාර්තා කොට ඇත.

51 හැවිරිදි වියෙහි පසුවන ඉන්සමාම් උල් හක් පාකිස්තානය වෙනුවෙන් එක්දින පිටියේ වැඩිම ලකුණු ලාභියාද වෙයි. ඔහු එක්දින තරග 375කට ක්‍රීඩා කරමින් ලකුණු 11701ක් රැස්කිරීමට සමත් විය. ටෙස්ට් පිටියේදීද තරග 119කට ක්‍රීඩා කොට ලකුණු 8829ක් රැස්කිරීමට ඔහුට හැකිවිය. පාකිස්තාන ක්‍රිකට් ඉතිහාසයේ තවත් එක් සාර්ථක නායකයෙකු ලෙසින් ඉන්සමාම් හැදින්විය හැකිය.

2007 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් ඉන්සමාම් උල් හක් පාකිස්තාන කණ්ඩායමේ පිතිකරණ උපදේශක වශයෙන් කටයුතු කොට ඇත. එමෙන්ම 2016-19 කාල සීමාව තුළදී පාකිස්තාන තේරීම් කමිටු ප්‍රධානී වශයෙන් කටයුතු කළ ඔහු ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයද හෙබවීය.

Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top