IPL තරගාවලිය තුළ එංගලන්ත ක්‍රීඩක භූමිකාව

IPL තරගාවලියේ පලමු තරග වාරය ක්‍රියාත්මක වුණේ 2008 වසරේදී .ඒ සඳහා එංගලන්තය නියෝජනය කරමින් එකතු වුණේ Dimitri Mascarenhas පමණයි.

එය එසේ වූවේ ඇයි?

එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ සහ IPL තරගාවලියේ ආරම්භය සිදු වන්නේ වසරේ එකම කාල සීමාවක් තුලයි. ප්‍රාන්ත තරග මගහැර IPL තරග වලට එංගලන්ත ක්‍රීඩකයින් සමිබන්ද වීම එරට ක්‍රිකට් පාලක මණ්ඩල බලධාරීන් කිසිසේත්ම අනුමත කලේ නැහැ.

නමුත්,

මේ තුළ එංගලන්ත ක්‍රීඩකයින්ට උපයා ගත හැකිව තිබූ විශාල මුදලක් ඔවුන්ට අහිමි වුණා. ඒ නිසා මෙම තීරණය ගැන ඔවුන් තුළ නම් වැඩි කැමැත්තක් තිබුණේ නැහැ.

මීට විසදුමක් සොයා ගැනීම සදහා එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩල නිලධාරීන් ව්‍යාපාරික
Allen Stanford සමගින් සාකච්ඡා කළා.එහිදී තීරණය වුණේ සෑම වසරකම එංගලන්ත ක්‍රීඩකයින් සහ Stanford ගේ සුපිරි තරු කණ්ඩායම අතර විස්සයි විස්ස තරගයක් පැවැත්වීමටයි. ජයග්‍රාහී කණ්ඩායමට වෙන්වූ මුදල් ප්‍රමානය ඇමරිකානු ඩොලර් මිලියන විස්සක්.

අවාසනාවකට මෙන්,

1. 2008 වසරේදී පැවති මෙහි පළමු තරගයෙන්.එංගලන්තය පරාජයට පත් වුණා.

2. 2009 වසරේදී ඩොලර් බිලියන ගණනක වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ Allen Stanford හට බන්ධනාගාර ගත වීමට සිදුවුණා.

මෙම සිද්ධි දාමයේ ප්‍රතිඵලයක් විදිහට IPL තරගාවලියේ එංගලන්ත ක්‍රීඩක දායකත්වය ඉහළ ගියා. 2009 වසර වනවිට Andrew Flintoff, Kevin Pietersen වැනි ක්‍රීඩකයින් ලීගයේ වටිනාම සම්පත් බවට පත්වී සිටියා.

සැබෑ ලෙසම එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය IPL තරගාවලිය දෙස සුබවාදීව බැලුවේ 2015 පන්දුවාර පනහේ ලොකු කුසලානයේදී ලැජ්ජාසහගත පරාජයක් අත්කර ගැනීමෙන් පසුවයි. තනිදින තරග වල ඉහළ දක්ෂතා දැක්වීමට IPL තරගාවලිය අත්‍යවශ්‍ය සාධකයක් බව එංගලන්ත ක්‍රිකට් අධ්‍යක්ෂක Andrew Strauss අවබෝධ කරගත්තා. ඒ නිසා එම ලීගයට හැකිතාක් එංගලන්ත ක්‍රීඩකයින් යොමු කිරීමට ඔහු උනන්දු වුණා. එංගලන්ත ක්‍රිකට් බලධාරීන් තුළ IPL තරගාවලිය ගැන තිබූ ආකල්පය වෙනස් වූ අයුරු පහත සිදුවීමෙන් පැහැදිලි වෙනවා.

2016 ,2017 IPL තරග වාර සදහා Delhi කණ්ඩායම Sam Billings මත ආයෝජනය කලා.ඒ වනවිට ඔහුට Kent ප්‍රාන්තය සමගත් ගිවිසුමක් තිබුණා. වටිනාකම අතින් ගත් විට Kent ප්‍රාන්ත ගිවිසුම ඉහළ අගයක තිබුණා. නමුත් Andrew Strauss ගේ බලපෑම මත Billings තෝරා ගත්තේ Delhi පිලයි.Kent ගිවිසුමට අනුව කටයුතු නොකිරීම පිළිබඳව ඔහුට ප්‍රාන්ත බලධාරීන්ට මුදලක් ගෙවීමටත් සිදුවුණා. නමුත් Strauss ගේ මෙම තීරණය පසුපස තිබුණේ ශක්තිමත් සීමිත පන්දුවාර ඒකකයක් නිර්මාණය කර ගැනීමේ වුවමනාවයි.2019 දී එංගලන්තය එක්දින ලෝක ශූරීන් බවට පත්වුණේ මෙවැනි තීරණ ගණනාවක ප්‍රතිඵලයක් ලෙසයි.

Back To Top