NCC, හලාවත, SSC සහ යුධ හමුදා කණ්ඩායම් අවසන් පූර්ව වටයට!

[vc_row][vc_column][vc_column_text]අන්තර් සමාජ පන්දුවාර 50 ලීග් තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරඟ හතර අද දින කොලඹ විවිධ ක්‍රීඩාංගණ වලදී පැවති අතරඑම තරඟ වලින් ජයග්‍රහණ වාර්තා කිරීමට NCC, SSC, හලාවත සහ යුධ හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.

එම කණ්ඩායම් හතර තරඟාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබද්දී පානදුර ක්‍රීඩා සමාජය, සැරසෙන්ස් ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා ගුවන්හමුදා ක්‍රීඩා සමාජය සහ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය පරාජයට පත් වී තරඟාවලියෙන් ඉවතට විසි විය.

තරඟ සාරාංශයන්.

NCC vs සැරසෙන්ස්

කොලඹ කෝල්ට්ස් ක්‍රීඩා පිටියේ පැවති මෙම තරඟයෙන් ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට NCC කණ්ඩායම සමත් විය.

අවසානය තෙක් උණුසුම් මුහුනුවරක් ගත් මෙම තරඟයේ කාසියේ වාසිය දිනා NCC කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් අතර ඔවුන්පන්දුවාර පනහ අවසානයේ ලකුණු 244ක් රැස් කිරීමට සමත් විය.

තරඟාවලිය පුරා සාර්ථක වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 78ක් රැස් කලේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල සැරසෙන් ක්‍රීඩා සමාජය පන්දුවාර 50 අවසානයේ ලකුණු 241ක් රැස් කල අතර ඉතා තියුණු තරඟයකින් අනතුරුවNCC කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කලේය.

ලකුණු සටහන

NCC කණ්ඩායම 244/8(50)

පැතුම් නිස්සංක 78, මහේල උඩවත්ත 41

සාලිය සමන් 41/4 , හර්ශ රාජපක්ෂ 52/3

සැරසෙන්ස් ක්‍රීඩා සමාජය 241/7 ( 50)

සිතාර ගිම්හාන් 68, ප්‍රමෝද් මධුවන්ත 62

චාමික ගුණසේකර 2/42 , සචිදු කොලඹගේ 2/21

හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය vs පානදුර ක්‍රීඩා සමාජය

කාසියේ වාසියා දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් හලාවත කණ්ඩායම දැවැන්ත ලකුණු 315ක් රැස් කලේ ආරම්භක පිතිකරු සමිට්ගාධිගන්කෝර්, ශෙහාන් ජයසූරිය සහ කමිදු මෙන්ඩිස් ගේ විශිෂ්ට පිතිකරණ දායකත්වය සමගින්ය.

අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට නම් ලකුණු 316ක අසීරු ඉලක්කයක් හඹා ගිය පානදුර ක්‍රීඩා සමාජ කණ්ඩායමට පන්දුවාර41.3කදී රැස් කරගත හැකි වූයේ ලකුණු 185ක් පමණි.

ඒ අනුව ලකුණු 130ක පහසු ජයක් වාර්තා කල හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය.

ලකුණු සටහන

හලාවත මේරියන්ස් 315/9 ( 50)

සමිට් ගාධිගන්කෝර් 100, ශෙහාන් ජයසූරිය 88, කමිදු මෙන්ඩිස් 63

උමේශ් කරුණාරත්න 6/67

පානදුර ක්‍රීඩා සමාජය

ගිහාන් කූරේ 41, විශ්ව චතුරංග 37

පුලින තරංග 4/16 , කමිදු මෙන්ඩිස් 4/30

SSC ක්‍රීඩා සමාජය vs ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය

NCC ක්‍රීඩා පිටියේ පැවති මෙම තරඟයේ තරඟාවලියේ ප්‍රභලම කණ්ඩායම වන SSC කණ්ඩායම කාසියේ වාසිය දිනා ලකුණු 299ක් රැස්කලේ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයට අවසන් පූර්ව වටය සඳහා ලකුණු 300ක අභියෝගාත්ම ඉලක්කයක් ලබා දෙමිනි.

සිංහල ක්‍රීඩා සමාජයේ ඉනිම දිමුත් කරුණාරත්න, සඳුන් වීරක්කොඩි සහ චරිත් අසලංක අර්ධ ශතක වලින් වර්ණවත් කිරීමට සමත් විය.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු සුනු විසුනු කල සිංහල ක්‍රීඩා සමාජයේ දඟ පන්දුයවන්නන් වූ සචිත්‍ර සේනානායක, ජෙෆ්‍රො වැන්ඩසේ ඔවුන්ගේ ඉනිම ලකුණු 99කට සීමා කලේ ලකුණු 200ක දැවැන්ත ජයග්‍රහණයක් SSC ක්‍රීඩා සමාජයට අත් කර දෙමිනි.

ලකුණු සටහන

SSC ක්‍රීඩා සමාජය – 299/6

දිමුත් කරුණාරත්න 70, සඳුන් වීරක්කොඩි 62, චරිත් අසලංක 56

සධිශ් පතිරගේ 2/29, රමිත් රඹුක්වැල්ල 2/44

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය 99/10 ( 24)

ප්‍රසන්න ජයමාන්න 25, තරංග පරණවිතාන 15

සචිත්‍ර සේනානායක 4/15, ජෙෆ්‍රි වැන්ඩසේ 3/3

යුධ හමුදා කණ්ඩායම vs ගුවන් හමුදා කණ්ඩායම

අර්ධ අවසන් පූර්ව තරඟ අතුරින් තරඟ තුනක්ම ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කණ්ඩායම ජයග්‍රහණය කරද්දි හඹා ගොස් ජයග්‍රහණය කලඑකම කණ්ඩායම ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම වූයේ තරඟය පන්දු 33ක් අතැතිව කඩුලු 5කින් ජයග්‍රහණය කිරීමත් සමඟය.

ගුවන් හමුදා කණ්ඩායම නියමිත පන්දුවාර පනහ තුලදී කඩුලු 8ක් දැවී ලබාගත් ලකුණු 208 හඹා ගිය යුධ හමුදා කණ්ඩායම එයපහසුවෙන් සම්පූර්ණ කිරීමට හිටපු ටෙස්ට් නායක දිනේශ් චන්දිමාල් ගේ වටිනා අර්ධ ශතකය බෙහෙවින් ඉවහල් විය.

ලකුණු සටහන

ගුවන් හමුදා කණ්ඩායම – 206/8

සුමින්ද ලක්ශාන් 63, මාධව නිමේශ් 47

හෙශාන් හෙට්ටිආරච්චි 47/3 , ලහිරු විජේතුංග 20/2

යුධ හමුදා කණ්ඩායම 207/5 ( 44.3)

දිනේශ් චන්දිමාල් 67* , අසේල ගුණරත්න 36

සුමින්ද ලක්ශාන් 2/42

තරඟාවලියේ අවසන් පූර්ව වටයේ තරඟ මෙමස 29 ඉරිදා දින කටුනායක සහ කොලඹදී පැවත්වීමට නියමිතය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top