FIBA U18 ආසියානු කුසලානය සහ SABA සුදුසුකම් ලැබීමේ තරඟාවලිය මැයි 25 සිට 29 දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.දින පහක් පුරා තරඟ 12 ක් පැවැත්වෙනු ඇත.
මෙහි පිරිමි තරඟාවලියට ශ්රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ මාලදිවයින යන කණ්ඩායම් සහභාගී වේ.මෙහි ජයග්රාහකයා එළඹෙන අගෝස්තු 13 සිට 23 දක්වා අහමදාබාද් හිදී පැවැත්වීමට නියමිත FIBA U18 ආසියානු කුසලානය සඳහා සුදුසුකම් ලබාගනු ඇතියි.
බාලිකා තරගාවලියේදී ශ්රී ලංකාව, ඉන්දියාව සහ මාලදිවයින තරඟ වදින අතර ජයග්රාහකයා ජූලි 13 සිට 19 දක්වා තායිලන්තයේ පැවැත්වෙන 2026 FIBA U18 කාන්තා ආසියානු කුසලානයේ B කාණ්ඩයට සුදුසුකම් ලබනු ඇත.
2026 SABA සුදුසුකම් ලැබීමේ තරඟාවලියට ශ්රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයද සහාය දක්වයි.

