ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ 10වෙනි ස්ථානය ශ්‍රී ලංකාවට!

චීනයේ සන්යාහී පැවැත්වුණු 6වෙනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල ඊයේ අවසන් උනා. මෙම තරගාවලියේදී පදක්කම් 7ක් සමගින් 10වෙනි ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.තරගාවලියට රටවල් 45ක් සහභාගී වී සිටියා.

ශ්‍රී ලංකාව දිනාගත් පදක්කම් අතර කිලෝග්‍රෑම් 50 කාන්තා මල්ලවපොර රන් පදක්කමක්,කාන්තා දුර පැනීම රිදී පදක්කමක්,කාන්තා කබඩි රිදී පදක්කමක්,කාන්තා දුර පැනීම ලෝකඩ පදක්කමක්,පිරිමි දුර පැනීම ලෝකඩ පදක්කමක්,පිරිමි මීටර් 60 සහය දිවීම ලෝකඩ පදක්කමක් සහ පිරිමි කබඩි ලෝකඩ පදක්කමක් ඇතුළත් වේ.

ඊයේ පැවති සමාප්ති උළෙලේ ශ්‍රී ලංකා ධජය ගෙන යෑමේ කාර්ය සිදු කරේ රන් පදක්කම්ලාභී නිපුනි වාසනා විසින්.

Back To Top