කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කරන Peshawar Zalmi පිළ PSL අවසන් මහා තරගයට!

2026 පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කරන Peshawar Zalmi කණ්ඩායම පසුගිය අප්‍රේල් 28වෙනිදා සමත් වුණා. ඒ Islamabad United කණ්ඩායම Qualifiers තරග වටයේදී ලකුණු 70කින් පරාජයට පත් කරමින්.

මෙවර PSL තරගාවලියේ අවසන් මහා තරගයට Peshawar Zalmi කණ්ඩායම ගෙන යෑමේදී කුසල් මෙන්ඩිස්ද තම පිත්තෙන් විශාල කාර්යභාරයක් ඉටු කරා.ඔහු තමන් ක්‍රීඩා කළ තරග 10කදී ලකුණු 541ක් රැස් කරගත් අතර පිතිකරණ සාමාන්‍යය 60.11කි.ප්‍රහාරාත්මක වේගය 169.59ක් වන අතර ඔහුගේ මේ ඉනිම් 10 තුළ එක් ශතකයක් සහ අර්ධ ශතක 4ක්ද ඇතුළත් වේ.ඒ අනුව කුසල් මෙන්ඩිස් වාර්තා අතරට එක් වූවේ PSL තරගාවලිය තුළ ලකුණු 500 සීමාව පසු කළ පළමු විදෙස් පිතිකරුවා ලෙසයි.

තවද විදෙස් ලීගයක් තුළ ලාංකික ක්‍රීඩකයෙක් එක් තරග වාරයක රැස් කළ වැඩිම ලකුණු ප්‍රමාණය වන්නේද මෙයයි,ඔහු බිද දැමුවේ සනත් ජයසූරිය විසින් තබා තිබූ වාර්තාවයි.PSL තරගාවලිය තුළ ඔහුව ක්‍රීඩා කිරීමට තවත් එක් තරගයක් ඉතිරිව ඇති අතර ඒ අනුව Peshawar Zalmi කණ්ඩායම ක්‍රීඩා කරන 2026 PSL තරගාවලියේ අවසන් මහා තරගය එළැඹෙන මැයි තුන්වෙනිදා පැවැත්වීමට නියමිතයි.

Back To Top