ඉන්දියාවේ පැවැත්වෙන 2026 ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේ කිලෝග්‍රෑම් 79 බර පන්තියෙන් තරග කළ චින්තන ගීතාල් විදානගේ ප්‍රදර්ශනය කළ දක්ෂතා මත ඔහු 2026 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.
චින්තන මීට පෙර බර ඉසිලීමේ ඉසව්වෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් 2006 වසරේදී රන් පදක්කමක් සහ 2010 වසරේදී රිදී පදක්කමක් දිනාගත් ක්‍රීඩකයෙක්.

