නවසීලන්ත ‘A’ ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරගාවලියකට සහභාගී වීම සඳහා අද (අප්‍රේල් 03) අලුයම දිවයිනට පැමිණියේය.
මෙම සංචාරය යටතේ, නවසීලන්ත ‘A’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම අතර එක්දින තරග තුනක් සහ සිව්දින තරග දෙකක් පැවැත්වීමට නියමිතය. එක්දින තරග මාලාවේ පළමු තරගය අප්‍රේල් 05 වනදා ගාල්ලේදී පැවැත්වීමට නියමිත අතර, දෙවන සහ තුන්වන තරග පිළිවෙළින්අ අප්‍රේල් 08 සහ 11 වන දිනවල හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
තවද, සිව්දින තරගාවලියේ පළමු තරගය අප්‍රේල් 16 සිට 19 දක්වා සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, දෙවන තරගය අප්‍රේල් 23 සිට 26 දක්වා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලිය දෙරට අතර ක්‍රිකට් සම්බන්ධතා ශක්තිමත් කිරීම සහ නව ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ලබාදීම සඳහා වැදගත් අවස්ථාවක් ලෙස සැලකේ.


